Chilli Chicken - චිලී චිකන්
Ingredients:
For the marinade (to season the chicken):
- 500g boneless chicken
- 1 egg
- 1 tsp soy sauce
- 1/2 tsp salt
- 1 tbsp vinegar
- 4 tbsp corn flour
Additional ingredients (not for the marinade):
- 4–5 long-sliced green chilies
- 4 cloves of garlic, finely chopped
- 1 large onion, cut into chunks
- 1 tbsp corn flour
- 1/2 cup water or chicken stock
- 1 tsp soy sauce
- 1 tsp vinegar
- 1/2 tsp salt
Instructions:
-
Prepare the marinade:
Combine all marinade ingredients except the chicken in a bowl to create a batter. Add the chicken pieces and mix well, ensuring they are fully coated. Cover and marinate for 30 minutes. -
Fry the chicken:
After marinating, deep fry the chicken in hot oil until golden brown. Remove and set aside. -
Prepare the sauce:
In a separate pan, heat some oil. Add garlic, green chilies, and onions, and sauté for about 30 seconds. -
Make the gravy:
Add soy sauce and vinegar to the pan. Mix 1 tbsp of corn flour with 1/2 cup of water or chicken stock and pour it into the pan. Stir until the mixture thickens. -
Combine:
Add the fried chicken pieces to the thickened sauce. Stir well to coat the chicken evenly. Adjust salt if necessary. -
Finish:
Turn off the heat, and your dish is ready to serve!
Enjoy your delicious chicken dish!
අවශ්‍ය දේවල්:
මැරිනේඩ් එකට (ඒ කියන්නෙ කුකුල් මස් ටික පදම් කරගන්න ඕන කරන දේවල්),
- කටු රහිත චිකන් 500g
- බිත්තර 1
- සෝයා සෝස් තේ හැන්දයි
- ලුණු තේ හැඳි 1/2
- විනාකිරි මේස හැඳි 1
- කෝන් පිටි මේස හැඳි 4 (ඉරිඟු පිටි)
තව මේ දේවල් ටිකත් ඕනෙ (මැරිනේඩ් එකට නෙමේ),
- දිග අතට පලාගත් අමු මිරිස් කරල් 4-5ක්
- පොඩියට කපාගත් සුදු ළූණු බික් 4
- ලොකුවට කොටු කපාගත් ළූණු ගෙඩියක්
- කෝන් පිටි මේස හැන්දක්
- වතුර හෝ චිකන් ස්ටොක් කප් 1/2
- සෝයා සෝස් තේ හැඳි 1
- විනාකිරි තේ හැඳි 1
- ලුණු තේ හැඳි ½
සාදාගන්නා ආකාරය:
- මුලින්ම චිකන් හැර මැරිනේඩ් එකට තැබූ ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර මිශ්‍රණයක් (බැටර් එකක්) සාදාගන්න. එයට කපාගත් චිකන් එක් කර හොඳින් මිශ්‍ර කර පැය භාගයක් වසා තබාගන්න.
- ඊට පස්සෙ මේ චිකන් ටික පැය භාගයකට පසුව ගැඹුරු තෙලේ රන් වන් පැහැ වන තුරු බැදගන්න.
- දැන් වෙනම බඳුනක තෙල් ටිකක් රත් වෙන්න තබා එයට සුදු ළූණු, අමු මිරිස්, ළූණු එක් කර තප්පර 30ක් පමණ තෙම්පරාදු කරගන්න. එයට සෝයා සෝස් සහ විනාකිරි එක් කර කලවම් කර ඒ සමඟම කෝන් පිටි මේස හැන්ද දිය කරගත් වතුර එක් කරගන්න.
- ඊට පස්සෙ ඒ මිශ්‍රණය ඝණ වීගෙන එන කොට ඒකට ලුණු සහ චිකන් එක් කර මිශ්‍ර කරගෙන ලිප නිවා ගන්න. එච්චරයි! වැඩේ ඉවරයි!
.webp)
No comments:
Post a Comment