Showing posts with label Curry'. Show all posts
Showing posts with label Curry'. Show all posts

Wednesday, February 26, 2025

Eggplant Devil


Eggplant Devil 




Ingredients 


 2 long eggplants


1 onion 


1 tomato 


A few chili peppers 


1 egg


A little oil


2 tablespoons of soy sauce


A little tomato sauce


A few chili flakes 


Ginger-garlic paste 


2 teaspoons of sugar


A few finely chopped carrots


A little salt 


 Cut the eggplant into fairly thick slices. Add a little salt to the egg and beat well. Dip the eggplant slices in the egg and deep fry in oil. 


Put a pot on the stove and add a little oil to it and add the ginger-garlic paste. Now add soy sauce, tomato sauce, sugar and salt to it. Finally, add the carrots, salt, tomatoes, green chilies and betel leaves, add some chili flakes, stir and remove from the stove. 

වම්බටු ඩෙවල් 



අවශ්‍ය ද්‍රව්‍ය 


 දිගටි වම්බටු කරල් 2


ළූණු ගෙඩියක් 


තක්කාලි ගෙඩියක් 


අමුමිරිස් කරල් කිහිපයක් 


බිත්තර 1


තෙල් ටිකක්


සෝයා සෝස් මේස හැඳි 2


තක්කාලි සෝස් ටිකක්


කෑලි මිරිස් 


ඉඟුරු සුදුළූණු පේස්ට් 


සීනි තේ හැඳි 2


පොඩියට කපාගත් කැරට් ටිකක්


ලුණු කුඩු ටිකක් 


 වම්බටු තරමක් ඝණකමට පෙති කපා ගන්න. බිත්තරයට ලුණු ටිකක් දාලා හොඳින් ගසා ගන්න. වම්බටු පෙති බිත්තර වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න. 


භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාන්න. දැන් ඒකට සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි හා ලුණු කුඩු එක් කරන්න. අවසානයේ කැරට්, ලුණු, තක්කාලි, අමුමිරිස් හා බටු එක් කර කෑලි මිරිස් ටිකක් 

එක් කර කලවම් කර ලිපෙන් බාගන්න. 



Wednesday, February 12, 2025

Fried Crispy Mushrooms(ක්‍රිස්පි බිම්මල්)


Fried Crispy Mushrooms



Ingredients


01 packet of regular mushrooms

01 cup of chickpea flour

1/2 cup of bread flour

02 tablespoons of cornflour

1/2 teaspoon of chili powder

1/4 teaspoon of chili powder

1/4 teaspoon of turmeric

Salt to taste


For the batter


02 eggs

1/2 teaspoon of chili powder

1/4 teaspoon each of oregano, paprika and thyme

01 tablespoon of cornflour

1/4 cup of fresh milk

Salt to taste


Method of preparation


Cut the mushrooms into strips and soak them in salted water for five minutes.  Squeeze and set aside.


Break the two eggs and add them to the milk. Add salt, pepper, cornflour and herbs to make the batter.


Now add the chickpea flour, breadcrumbs, cornflour, chilli, pepper, turmeric powder and salt and mix.


Dip the sliced ​​mushrooms in the batter, coat them in the flour mixture and deep fry them in oil.


Fry them on both sides until golden brown, then let the oil drain and enjoy.



Fried Crispy Mushrooms(ක්‍රිස්පි බිම්මල්)




අවශ්‍ය දේවල්

සාමාන්‍ය බිම්මල් පැකට් 01
කඩල පිටි අඬුකෝප්ප 01
පාන් පිටි අඬුකෝප්ප 1/2
කෝන්ෆ්ලා මේස හැඳි 02
මිරිස් කුඩු තේහැඳි 1/2
ගම්මිරිස් කුඩු තේහැඳි 1/4
කහකුඩු තේහැඳි 1/4
රස අනුව ලුණු

බැටර් එක සඳහා

බිත්තර 02
ගම්මිරිස් කුඩු තේහැඳි 1/2
ඔරිගානෝ සහ පැප්රිකා සහ තයිම් තේහැඳි 1/4 බැගින්
කෝන්ෆ්ලා මේස හැදි 01
ෆ්‍රෙෂ් මිල්ක් අඬුකෝප්ප 1/4
රස අනුව ලුණු

සාදන ක්‍රමය

බිම්මල් ටික තීරු වලට කඩා ලුණු මිශ්‍ර වතුරෙහි විනාඩි පහක් තබා වතුර මිරිකා පැත්තකින් තබන්න.

බිත්තර දෙක කඩා කිරි වලට එකතු කර ලුණු, ගම්මිරිස්, කෝන්ෆ්ලා සහ හර්බ්ස් ටික එකතු කර බැටර් එක හදාගන්න..

දැන් කඩල පිටි, පාන්පිටි, කෝන්ෆ්ලා, මිරිස්, ගම්මිරිස් , කහකුඩු සහ ලුණු කුඩු එකතු කර මික්ස් කර ගන්න..

තීරු කඩා ගත් බිම්මල් බැටර් එකේ පොඟවා පිටි මිශ්‍රණයේ තවරා ගැඹුරු තෙලේ බැද ගන්න.

දෙපැත්ත දමා රන්වන් පාට වූ පසු තෙල් බේරෙන්නට තබා උණු උණුවෙම රස බලන්න

Tuesday, February 11, 2025

Sausage Devil සෝසේජස් ඩෙවල්

 Sausage Devil



Ingredients


400 grams of chopped sausage


1 onion, sliced ​​into rounds


1 cup of tomato ketchup


2 chopped chili peppers


2 tomatoes, sliced ​​into rounds


1 teaspoon of chopped ginger and garlic


2 tablespoons of soy sauce


Salt and pepper


A little oil


1/2 teaspoon of turmeric


1/2 teaspoon of chili powder


1 teaspoon of black pepper


1 tablespoon of cornflakes


Add a little oil to the pan and fry the sausages. When they are well fried, remove them and add the chopped ginger and garlic.


 Meanwhile, add soy sauce, a little tomato sauce, chili powder, turmeric powder, and a little pepper powder to the cornflakes and stir. Add a little water to this and make a sauce.


When the ginger and garlic are well fried, add the onion and fish chili. Add salt to taste and add the crushed peppercorns.


Next, add the prepared sauce and stir. If desired, add a little more water and stir and add the tomatoes. Finally, add the sausages and stir and remove from the stove.

සෝසේජස් ඩෙවල්



අවශ්‍ය ද්‍රව්‍ය


කපාගත් සොසේජස් ග්‍රෑම් 400


රවුමට ලියාගත් ළූණු ගෙඩි 1


තක්කාලි කෙචප් කෝප්ප 1


කපාගත් මාළුමිරිස් කරල් 2


රවුමට කපාගත් තක්කාලි ගෙඩි 2


චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 1


සෝයාසෝස් මේස හැඳි 2


ලුණු හා ගම්මිරිස්කුඩු


තෙල් ටිකක්


කහකුඩු තේ හැඳි 1/2


මිරිස්කුඩු තේ හැඳි 1/2


කෑලිමිරිස් තේ හැඳි 1


කෝන්ෆ්ලා මේස හැඳි 1


පෑන් එකට තෙල් ටිකක් දාලා සොසෙජ් ටික බැදගන්න. හොඳට බැදුණම ඒ ටික අයින් කරලා චොප් කරගත් ඉඟුරු සුදුළූණු ටික දාගන්න.


ඒ අතරෙ කෝන්ෆ්ලා වලට සෝයාසෝස්, තක්කාලි සෝස් ටිකක්, මිරිස්කුඩු හා කහකුඩු, ගම්මිරිස්කුඩු චුට්ටක් දාලා කලවම් කරගන්න. මේකට වතුර චුට්ටක් දාලා සෝස් එකක් හදාගන්න.


ඉඟුරු සුදුළූණු හොඳට ෆ්‍රයි වෙලා නම් ළූණු හා මාළු මිරිස් ටික දාගන්න. ටිකකින් රස අනුව ලුණු දාලා කෑලිමිරිස් එකතු කරගන්න.


ඊළඟට හදාගත් සෝස් එක දාලා කලවම් කරගන්න. කැමති නම් තව වතුර ටිකක් දාල කලවම් කරලා තක්කාලි ටික එකතු කරගන්න. අන්තිමට සොසේජස් ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න



Monday, February 10, 2025

Chicken Black Coconut Curry චිකන් කළුපොල් කරිය

 

Chicken Black Coconut Curry





⚡500g chicken


⚡7-8 tamarinds with seeds (washed in water and dissolved in hot water)


⚡7-8 garlic cloves


3-4 pieces of ginger


(Grind these and make juice)


⚡1 1/2 teaspoons of salt


1/4 teaspoon of turmeric


⚡1 1/2 teaspoons of coriander


1/4 teaspoon of black cumin


1/4 teaspoon of ginger


1/2 teaspoon of ginger


10-12 dried chilies


About 1 inch of cinnamon


4-5 cloves


7-8 cloves

(Fry these in a pan and grind them finely.)


⚡Red rice flour  1 tablespoon

⚡A piece of cinnamon

⚡1 tablespoon of pepper

⚡3 tablespoons of grated coconut


(Fry all these until golden brown and grind them into a fine powder.)


⚡4 raw chilies (cut off the ends of the chilies)


⚡2 onions (cut into a fine powder.)


⚡Rampe, curry (wash and peel. Cut the rampe.)


⚡(1 enasal)


⚡2 tablespoons of coconut oil


⚡A little mustard and urad dal


Method of preparation 


First, wash the chicken and cut it into pieces. Add turmeric, salt, (pepper powder), ginger, white onion juice, lime juice, fried shunpaha guliya, grated coconut, cinnamon bark, etc. and mix well and cook for 10 minutes.  Cover for 15 minutes.


Put a clay pot on the stove and add coconut oil. When it is hot, add mustard seeds, turmeric, garlic and ginger, after frying them well, add a little turmeric and fry them well. Then add the onion, coriander, curry leaves and the chicken that has been covered for 15 minutes. Mix well and let it boil on low heat with the water and oil that has boiled from the chicken. Then add water to the pot and mix well and let it boil. Finally, sprinkle the coriander, curry leaves, chili and finally pepper powder.



චිකන් කළුපොල් කරිය



⚡චිකන් 500g

⚡ඇට සහිත සියඹලා 7ක් 8ක්(ඇල් ජලයෙන් සෝදා උණු ජලයෙන් දිය කරගන්න)

⚡සුදුලූණු බික් 7ක් 8ක්
⚡ඉඟුරු කෑලි 3ක් 4ක්
(මේවා අඹරා යුෂ සකස් කරගන්න)

⚡ලුණු තේ හැඳි 1 1/2
⚡කහ තේ හැඳි 1/4

⚡කොත්තමල්ලි තේ හැඳි 1 1/2
⚡කළු දුරු තේ හැඳි 1/4
⚡මාදුරු තේ හැඳි 1/4
⚡හීන්දුරු තේ හැඳි 1/2
⚡වියළි මිරිස් කරල් 10ක් 12ක්
⚡අඟල් 1ක පමණ කුරුඳු කෑල්ලක්
⚡එනසාල් 4ක් 5ක්
⚡කරාබු නැටි 7ක් 8ක්
(මෙම තුනපහ කබලේ බැද හීනියට අඹරා ගන්න.)

⚡රතු කැකුළු සහල් මේස හැඳි 1ක්
⚡කුරුඳු කෑල්ලක්
⚡ගම්මිරිස් මේස හැඳි 1ක්
⚡හීනියට ගා ගත් පොල් මේස හැඳි 3ක්
( මෙම සියල්ල රන්වන් පාට වනතුරු බැද හීනියට අඹරා ගන්න.)

⚡අමු මිරිස් කරල් 4ක්(කරල අගින් පලා ගන්න)

⚡රට ළූණු ගෙඩි 2ක්( හීනියට ලියා ගන්න.)

⚡රම්පෙ,කරපිංචා(සෝදා සූරා ගන්න.රම්පෙ කපා ගන්න.)

⚡(එනසාල් 1ක්)

⚡පොල්තෙල් මේස හැඳි 2ක්

⚡අබ හා උළුහාල් ස්වල්පයක්

                      සාදන ක්‍රමය   

පළමුව චිකන් සෝදා කැපුම් පාරවල් යොදා එයට කහ,ලුණු,(ගම්මිරිස් කුඩු),ඉඟුරු,සුදු ලූණු යුෂ,සියඹලා යුෂ,බදින ලද තුනපහ ගුලිය,හීනියට අඹරන ලද පොල් ගුලිය,කුරුඳු පොත්තක් ආදිය දමා හොඳින් මිශ්‍ර කර විනාඩි 15ක් වසා තබන්න.

මැටි ඇතිලියක් ළිප තබා පොල්තෙල් දමා රත්වීගෙන එන විට අබ,උළුහාල්,යුෂ ඉවත් කරගන්නා ලද සුදුලූණු,ඉඟුරු යොදා හොඳින් බැදුණු පසු කහ ස්වල්පයක් එක් කර හොඳින් බැද තෙම්පරාදු කර පසුව රටළූණු,රම්පෙ,කරපිංචා සහ විනාඩි 15ක් වසා තැබූ චිකන් එකතු කර හොඳින් මිශ්‍ර කර චිකන් වලින් උනන ජලයෙන් හා තෙල් ගතියෙන් මද ගින්නෙන් තැම්බීමට සලස්වා පසුව ඇතිලියට වතුර එක්කර හොඳින් මිශ්‍ර කර තැම්බීමට සලස්වා එයට රම්පෙ,කරපිංචා,අමුමිරිස් සහ අවසානයේ ගම්මිරිස් කුඩු ඉස බාගන්න 

Sunday, February 9, 2025

වම්බටු 🍆 🍆 ව්‍යංජනයක්

 වම්බටු 🍆 🍆 ව්‍යංජනයක් 



Ingredients 

10 batu fruits

4 teaspoons of tamarind powder

3 teaspoons of chili powder

1/2 teaspoon of turmeric powder

1/4 bottle of oil

4 cloves of finely chopped garlic

20 red onions

10 red onions, finely chopped

1 crushed tomato

1 finely chopped tomato

1 chili pepper

1 piece of rambutan

1 tablespoon of tamarind puree

1/2 teaspoon of mustard seeds

1/4 teaspoon of rice flour

Water

First, mix 2 teaspoons of tamarind powder, 1 teaspoon of chili powder, turmeric, salt, tamarind puree with a little water and make a paste. Then cut the sweet potato into quarters so that the skin remains.

Dip the cut potatoes in the paste prepared earlier. You can take the sweet potato without the skin. But the sweet potato is called sweet potato.

Now heat the oil and fry the sweet potato in a shallow pan. Then remove it from the oil and add mustard seeds to the same oil and when it splutters, add the cumin, curry leaves, turmeric, garlic, onion, chopped onion and when it turns golden brown, add the remaining three-five grams of salt and chili.

After about 2 minutes, add the ground tomatoes, chopped tomatoes, salt and simmer. After a while, add water and mix well. At the same time, add the sweet potato and mix well. Be careful while adding water. Because this is made for thickening. Finally, add 1/4 teaspoon of sugar if you like.




අවශ්‍ය ද්‍රව්‍ය 

බටු ගෙඩි 10ක්

තුනපහ කුඩු තේ හැදි 4ක්

මිරිස් කුඩු තේ හැදි 3ක්

කහ කුඩු තේ හැදි 1/2ක්

තෙල් බෝතල් 1/4ක්

සිහින්ව කපාගත් සුදු ළූණූ බික් 4ක්

රතු ළූණූ ගෙඩි 20

සිහින්ව කපාගත් රතු ළූණූ ගෙඩි 10ක්

අඹරා ගත් තක්කාලි ගෙඩි 1ක්

සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 1ක්

කරපිංචා ඉත්තක්

රම්පේ කෑල්ලක්

සියඹලා ඉස්ම මේස හැදි 1ක්

අබ ඇට තේ හැදි 1/2ක්

උළුහාල් තේ හැදි 1/4

වතුර


මුලින්ම තුනපහ තේ හැදි 2ක්, මිරිස් කුඩු තේ හැදි 1ක්, කහ, ලුණු, සියඹලා ඉස්ම වතුර ස්වල්පයක් දමා paste එකක් විදිහට හදා ගන්න. පසුව බටු ගෙඩි නැට්ට ඉතුරුවන විදියට හතරට පලාගන්න.


ඒ පලාගත්ත, තැන්වලට කලින් හදාගත්ත paste ඇතුලට කාවද්දන්න. බටු ගෙඩි නැටි නැතුව උනත් ගන්න පුලුවන්. ඒත් ඉතිං බට්ටේ රස නැට්ටේ කියනවනෙ.


දැන් බටු ටික තෙල් රත්කරගෙන නොගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසුව තෙලෙන් ඉවත් කරගෙන එම තෙල් වලටම අබ ඇට දමා පුපුරන විට උළුහාල්, කරපිංචා, රම්පේ, සුදු ළූණූ, ළූණූ ගෙඩි, කපාගත් ළූණූ දමා රන්වන් පැහැ වන විට, ඉතිරි වු තුනපහ සහ මිරිස් එකතු කරගන්න.


විනාඩි 2කින් පමන පසු අඹරාගත් තක්කාලි, කපාගත් තක්කාලි, ලුණු දමා තෙම්පරාදු කරගන්න. මද වෙලාවකින් වතුර එකතුකර හොදින් කවලම් කරගන්න. ඒ සමගම බටු එකට දමා කවලම් කර පිස ගන්න. වතුර දැමීමේදි සැලකිලිමත් වන්න. මොකද උකුවට තමයි මේක හදාගන්න ඔනි. අවසානයේ ඔබ කැමති නම් සීනී තේ හැදි 1/4ක් පමන එකතු කරගන්න


Saturday, February 8, 2025

Eggplant Moju- වම්බටු මෝජු

 Wambatu Moju - වම්බටු මෝජු



Ingredients:

500g eggplant
250g red onion
100g raw chili
100g rice flour
1 clove of chili pepper
3-4 cloves of garlic
1 small piece of ginger
3 tablespoons of vinegar
2 teaspoons of mustard powder
1 teaspoon of turmeric powder
1 teaspoon of chili powder
2 tablespoons of sugar
1 teaspoon of salt
Coconut oil (as much as needed for frying)

How to make:
First, wash the eggplant and cut it into thin strips about 2 inches long and half an inch long, soak it in turmeric water and keep it aside.
Then wash and clean the red onion.
If the rice flour is sticky, cut the heads off, wash it and keep it aside to drain the water.
Cut the green chili lengthwise in half. So that the seeds are close to the skin.
 Make a paste by grinding the garlic and ginger.
Now squeeze the water from the eggplants and fry them in deep oil until golden brown. After frying, place them on a tissue paper to drain the oil from the eggplants.
Fry the red onions in deep oil for about a minute and place them on a tissue paper to drain the oil.
Also, fry the green chillies, cut lengthwise, in deep oil for about 45 seconds and place them on a tissue paper to drain the oil.
Separate the curry leaves and fry them in deep oil for about 30 seconds and place them on a tissue paper to drain the oil.
Finally, fry the sprats in deep oil well and place them on a tissue paper to drain the oil.
 Now put a large (non-aluminum) pot on the stove and add vinegar to it. When it is hot, add the ginger-garlic paste, mustard powder, chili powder, sugar, and salt and mix well.
Now add the eggplant, red onion, green chili, curry leaves, and rice flour that we fried earlier to that mixture and stir until they are cooked in the vinegar for about 30 seconds and remove from the stove.
After it cools down, if you store it in an airtight glass bottle, you can keep it for about 3 weeks.

අවශ්‍ය දේවල්:

වම්බටු 500g
රතු ළූණු 250g
අමු මිරිස් 100g
හාල් මැස්සෝ 100g
කරපිංචා ඉත්තක්
සුදු ළූණු බික් 3-4
පොඩි ඉගුරු කෑල්ලක්
විනාකිරි මේස හැදි 3
අබ කුඩු තේ හැදි 2
කහ කුඩු තේ හැදි 1
මිරිස් කුඩු තේ හැදි 1
සීනි මේස හැදි 2
ලුණු කුඩු තේ හැදි 1
පොල් තෙල් (බැද ගැනීමට අවශ්‍ය පමණ)

සාදාගන්නා ආකාරය:
මුලින්ම වම්බටු සෝදාලා අගල් 2ක් විතර දිග අගල් බාගයක් විතර හීනි පොඩි තීරු වලට කපලා කහ වතුරේ දාලා පැත්තකින් තියාගන්න.
ඊට පස්සේ රතු ළූණු හෝදලා සුද්ද කරගන්න.
හාල් මැස්සොත් ඔළු කඩලා හෝදලා වතුර බේරෙන්න තියන්න.
අමු මිරිස් දිග අතට මැදින් දෙකට පලාගන්න. කරල නැට්ට ලගින් එකතුවෙලා තියෙන විදියට.
සුදු ළූණු , ඉගුරු හොඳට තලලා තලපයක් (Paste එකක්) හදාගන්න.
දැන් වම්බටු ටික වතුර මිරිකලා අරගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු බැදගන්න. බැදගත්තට පස්සෙ වම්බටු වල තෙල් ටික අයින් වෙන්න ඒ ටික ටිශූ කඩදාසියක (Tissue paper) තියන්න.
රතු ළූණු ගෙඩි ටිකත් ගැඹුරු තෙලේ විනාඩියක් විතර බැදලා තෙල් ටික අයින් වෙන්න ටිශූ කඩදාසියක තියන්න.
ඒ වගේම දිග අතට කපපු අමු මිරිසුත් ගැඹුරු තෙලේ තත්පර 45 ක් විතර බැදලා තෙල් ටික අයින් වෙන්න ටිශූ කඩදාසියක තියන්න.
කරපිංචා කොළ ටිකත් වෙන්කරලා ගැඹුරු තෙලේ තත්පර 30 ක් විතර බැදලා තෙල් ටික අයින් වෙන්න ටිශූ කඩදාසියක තියන්න.
අන්තිමට හාල්මැස්සන් ටිකත් හොඳට ගැඹුරු තෙලේ බැදලා තෙල් ටික අයින් වෙන්න ටිශූ කඩදාසියක තියන්න.
දැන් ටික්ක ලොකු (ඇලුමිනියම් නොවෙන) භාජනයක් ලිපේ තියලා ඒකට විනාකිරි දාලා රත්වීගෙන එනකොට ඉගුරු සුදු ළූණු තලපය (Paste එක), අබ කුඩු, මිරිස් කුඩු, සීනි, ලුණු කුඩු එකතුකරලා හොඳට හැදිගාන්න.
දැන් ඒ මිශ්‍රණයට අපි කලින් බැදගත්ත වම්බටු, රතු ළූණු, අමු මිරිස්, කරපිංචා, හාල් මැස්සන් එකතු කරලා තත්පර 30ක් වගේ විනාකිරෙන් තැම්බෙනකන් කලවම් කරලා ලිපෙන් බාගන්න.
නිවුනාට පස්සේ හුලන් නොවදින විදිහට වීදුරු බෝතලයකට වගේ දාලා තියාගත්තොත් සති 3ක් විතර තියාගෙන කන්න පුළුවන්.

Tuesday, February 4, 2025

Bhimmal Moju බිම්මල් මෝජු

  බිම්මල් මෝජු



Ingredients 


1 packet of regular mushrooms (200g)


Seven or eight red onions


About ten or twelve sprats 


Six or seven green chilies, cut into two pieces


1 teaspoon of ginger-garlic paste


A cinnamon stick 


1 tablespoon of oil


Half a large onion, chopped


1 tablespoon of chili powder


1/4 teaspoon of turmeric


1 teaspoon of sugar


1 tablespoon of ground mustard


1/4 teaspoon of vinegar


Salt to taste


Method of preparation


First, finely chop the mushrooms and put them in salted water for five minutes. Now squeeze out the water and deep fry them in oil. Deep fry the green chillies, green chillies, and red onion in oil.


Grind the mustard seeds by adding a little vinegar.


Now put a clay pot on the stove and add oil. When it is hot, add the ginger garlic paste and half the chopped large onion.


 When they are fragrant and fried, add the curry leaves. Now add the chili flakes, turmeric powder, and cinnamon sticks and mix.


  (For those who want more spice, you can add more chili flakes..) Add sugar. 


For those who do not like sugar, you can add dates.. Now add the ground mustard mixture and add the remaining vinegar..


 It should thicken like a sauce. 


 If the vinegar is not enough, add a little more.


 Now turn off the heat and add the fried mushrooms, onions, green peppers and sprats, stir slowly, add salt to taste, cover well and leave for a few hours to eat. 


අවශ්‍ය ද්‍රව්‍ය 


සාමාන්‍ය බිම්මල් පැකට් 01 (200g)

රතුළුෑණු ගෙඩි හත අටක්

හාල්මැස්සන් දහයක් දොලහක් පමණ 

දෙකට පලා ගත් අමුමිරිස් කරල් හය හතක්

ඉඟුරු සුදුළුෑණු පේස්ට් තේහැඳි 01

කුරුඳු කැබැල්ලක් 

තෙල් මේස හැඳි 01

චොප් කරගත් ලොකු ළුෑණු ගෙඩි බාගයක්

කෑලි මිරිස් මේස හැඳි 01

කහකුඩු තේහැඳි 1/4

සීනි තේහැඳි 01

අඹරා ගත් අබ මේස හැඳි 01

විනාකිරි අඬුකෝප්ප 1/4

රස අනුව ලුණු 


සාදන ක්‍රමය 


මුලින්ම බිම්මල් ටික සිහින් ව ඉරා ලුණු මිශ්‍ර වතුරෙහි විනාඩි පහක් තබන්න.. දැන් වතුර මිරිකා ගැඹුරු තෙලේ බැද ගන්න. අමුමිරිස්, හාල්මැස්සන්, සහ රතුළුෑණුත් ගැඹුරු තෙලේ බැද ගන්න.


විනාකිරි ටික ටික දමමින් අබ ටික අඹරා ගන්න..


දැන් මැටි වලදක් ලිපේ තබා තෙල් ටික දමා රත්වන විට ඉඟුරු සුදුළුෑණු පේස්ට් එක සහ චොප් කරගත් ලොකු ළුෑණු ගෙඩි බාගය දමන්න..


 සුවඳ හමමින් ඒවා බැදෙන විට කරපිංචා ටිකත් එකතු කරන්න. දැන් කෑලි මිරිස්, කහකුඩු, කුරුඳු පොතු ටිකත් එකතු කර මික්ස් කර ගන්න.


 (වැඩිපුර සැර අවශ්‍ය අයට කෑලි මිරිස් තව එකතු කර ගන්න පුළුවන්..) සීනි ටිකත් එකතු කරන්න. 


සීනි වලට අකමැති අයට රටඉඳි එකතු කර ගන්න පුළුවන්.. දැන් අඹරා ගත් අබ මිශ්‍රණය දමා ඉතිරි විනාකිරි ටික දමන්න..


 සෝස් එකක් වගේ උකුවට එන්න ඕනි. 

විනාකිරි මදි නම් තව ටිකක් එකතු කර ගන්න..


 දැන් ලිප නිවලා බැදගත් බිම්මල්, ළුෑණු, අමුමිරිස් සහ හාල්මැස්සන් ටික එකතු කර සෙමින් කලවම් කර රස අනුව ලුණු දමා හොඳින් වසා පැය කීපයක් තබා කෑමට ගන්න.. 

Saturday, February 1, 2025

Salmon sambal

උම්බලකඩ සම්බෝල 



Ingredients


50g red onion


1/2 teaspoon salt


15g chili flakes


5 tablespoons of mace


1 teaspoon of cardamom


1 tablespoon of oil


1 clove of garlic


1 small curry leaf


Method of preparation


Put the oil in a pan and heat it. Then add the onion, turmeric, cardamom and cloves and fry until golden brown.


Then add the chili flakes, onion, mace and tamarind puree and mix well and fry on low heat.

 අවශ්‍ය ද්‍රව්‍ය


රතු ළූණු 50g

දිය ලුණු තේ හැඳි 1/2

කෑලි මිරිස් 15g

උම්බලකඩ මේස හැඳි 05

කරඳමුංගු 01

තෙල් මේස හැඳි 01

කරාඹු නැටි 01

කුඩා කරපිංචා ඉත්තක්


සාදන ක්‍රමය

මුලිනම තෙල් භාජනයකට දමා ලිප තබා රත් උනු පසුව එයට ළූණු රම්පේ කරපිංචා හා කරඳමුංගු කරාබුනැටි දමා රන්වන් පාට වන තෙක් බැද ගන්න.

ඉන්පසු කෑලිමිරිස් ළූණු හා උම්බලකඩ සමග සියඹලා ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරමින් මද ගින්නේ වියලා ගන්න.

Monday, January 27, 2025

ඉස්සන් බැදුමක්

 ඉස්සන් බැදුමක් Fried shrimp


Ingredients


500g shrimp


250g biscuit powder


1 egg


100g bread flour


2 tablespoons vinegar


Turmeric powder


Chilli powder


Coconut oil


Preparation


Peel the shrimp, leaving the tail, and drain the water. Place them in a bowl.


Then season with salt, turmeric, pepper, and vinegar and leave for about an hour.


Then dip the shrimp in toothpicks.


Drip the shrimp in the bread flour and then in the beaten egg.


Drip the biscuit powder and deep fry in oil.


අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සන් 500g

විස්කෝතු කුඩු 250g

බිත්තර 1

 පාන් පිටි 100g

විනාකිරි මේස හැඳි 2 යි

කහ කුඩු

ගම්මිරිස් කුඩු

පොල් තෙල්



සාදන ක්‍රමය

වල්ගය ඉතිරි වනසේ ඉස්සන් පොතු ගලවා සෝදා වතුර බේරා භාජනයකට ගන්න

ඉන්පසු එයට ලුණු, කහ, ගම්මිරිස් සහ විනාකිරි යොදා පැයක් පමණ තබන්න

පසුව ඉස්සන් ටූත් පික් වල ගසන්න

පාන් පිටි වල ඉස්සන් දවටා ගසාගත් බිත්තර සාරු වල දවටා

විස්කෝතූ කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න

ඉස්සෝ සම්බෝලය Shrimp sambal

 

ඉස්සෝ සම්බෝලය Shrimp sambal



Ingredients:

Shrimp - 500g

Red onion - 250g (finely chopped)

Lime - 1

Turmeric powder - 1/2 teaspoon

Chilli powder - 1 teaspoon

2 ripe chilies

Onion rings - as needed

Vinegar

Tomatoes🍅

Mung bean powder-

Sambol preparation method:

Preparation of shrimp: Remove the heads of the shrimp, clean them well, add turmeric and salt and boil them well

Cut the onion and green chili into thin slices and put them in a bowl, add pepper, vinegar, lime. Add salt, shrimp and all the ingredients and stir. Finally, add the tomatoes.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඉස්සෝ - 500g
  • රතු ලූනු - 250g (පොඩිව අලූ)
  • දෙහි ගෙඩි - 1
  • කහ කුඩු - 1/2 තේ හැඳි
  • ගම්මිරිස් කුඩු - 1 තේ හැඳි
  • ඉදුණු  මිරිස් කරල් 2
  • ලූණු කූඩු - අවශ්‍ය පමණ
  • විනාකිරි 
  • තක්කාලි 🍅 
  • උම්බලකඩ කුඩු- 

සම්බෝලය සැකසීමේ ක්‍රමය:

  1. ඉස්සෝ සකසීම: ඉස්සෝ ඔළුව ගලවා සුද්දකර හොදින් සොදා කහ හාලුණූ දමා හොදින් තම්බා ගන්න
  2.  ලූනු, අමුමිරිස් හිනියට කපාගෙන භාජනයකට දමා ගම්මිරිස්  විනාකිරි දෙහි. ලුණු ඉස්සන් සියලු  කලමනා එක්කර  කලවම් කරන්න  අවසානයේ තක්කාලි එකතු කරගන්න 

Thursday, January 23, 2025

Kerala Style Prawn Curry - කේරල ක්‍රමයට ඉස්සො වෑන්ජනයක්

 Kerala Style Prawn Curry - කේරල ක්‍රමයට ඉස්සො වෑන්ජනයක්



Ingredients:


Prawns - 1 kg

Coconut oil - 1 tablespoon

Roasted rice flour - 1 teaspoon

Turmeric powder - 1/2 teaspoon

Mustard seeds - 1 teaspoon

Curry leaves - 10-12

Coconut milk - 1 cup

Water - 1/4 cup

Salt - a pinch

Pepper powder - a pinch

Lime juice - as needed

Chopped onion - 1

Dried red chili - 1

Ginger - 30 grams

Garlic cloves - 4


Preparation Steps:


1. Prepare the paste: Blend ginger, garlic, onion, and red chili in a blender until it forms a smooth paste.

2. Heat the oil: Place a medium-sized pan on low heat and add the coconut oil. Let the oil heat slightly.

3. Temper the spices: Add roasted rice flour, curry leaves, turmeric powder, and mustard seeds to the hot oil. Sauté for a few seconds until aromatic.

4. Add the paste: Incorporate the blended paste into the pan. Cook for 2-3 minutes on low heat, stirring occasionally.

5. Cook the prawns: Add the cleaned prawns and water into the pan. Cover and cook until the prawns are tender.

6. Finish with coconut milk: Add the coconut milk, salt, pepper, and lime juice to the pan. Cook for another 2-3 minutes, ensuring the curry is well combined.

That

’s it! A delicious prawn curry, simple and easy to make.

අවශ්‍ය දේවල්:

  • ඉස්සො කිලෝ ග්‍රෑම් 1
  • පොල් තෙල් මේස හැදි 1
  • උළු හාල් තේ හැදි 1
  • කහ තේ හැදි 1/2
  • අබ ඇට තේ හැදි 1
  • කරපින්චා කොළ 10-12
  • පොල් කිරි කෝප්ප 1
  • වතුර කෝප්ප 1/4
  • ලුණු පොඩ්ඩක්
  • ගම්මිරිස් කුඩු පොඩ්ඩක්
  • දෙහි යුෂ
  • කපාගත්ත ළුණු ගෙඩි 1
  • රතු මිරිස් කරල් 1
  • ඉගුරු ග්‍රෑම් 30
  • සුදු ළුණු බික් 4


සාදාගන්නා ආකාරය:

  • මුලින්ම ඉගුරු, සුදු ළුණු, ළුණු, මිරිස් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගෙන පේස්ට් එකක් වගේ හදාගන්න. ඒ කිව්වෙ ක්‍රීම් එකක් වගේ.
  • දැන් ටිකක් ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් දාලා ටිකක් අඩු ගින්දරේ තෙල් ටික රත් කරගන්න.
  • තෙල් රත් වෙනකොට ඒකට උළු හාල්, කරපින්චා, කහ, අබ එකතු කරන්න ඕනෙ.
  • ඊළගට අපි කලින් හදාගත්ත ළුණු පේස්ට් එක මේකට එකතු කරලා විනාඩි 2-3ක් විතර ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ ඉස්සො ටිකයි වතුරයි එකතු කරලා ඉස්සො ටික තැම්බෙනකම් ලිපේ තියාගන්න.
  • ඉස්සො ටික තැම්බීගෙන එනකොට අපි ඒකට පොල් කිරි, ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ එකතු කරලා තවත් විනාඩි 2-3ක් ලිපේ තියාගන්න ඕනෙ. එච්චරයි! හරිම ලේසියි හදන්න.

Wednesday, January 22, 2025

Chilli Chicken - චිලී චිකන්

 Chilli Chicken - චිලී චිකන්



Ingredients:

For the marinade (to season the chicken):

  • 500g boneless chicken
  • 1 egg
  • 1 tsp soy sauce
  • 1/2 tsp salt
  • 1 tbsp vinegar
  • 4 tbsp corn flour

Additional ingredients (not for the marinade):

  • 4–5 long-sliced green chilies
  • 4 cloves of garlic, finely chopped
  • 1 large onion, cut into chunks
  • 1 tbsp corn flour
  • 1/2 cup water or chicken stock
  • 1 tsp soy sauce
  • 1 tsp vinegar
  • 1/2 tsp salt

Instructions:

  1. Prepare the marinade:
    Combine all marinade ingredients except the chicken in a bowl to create a batter. Add the chicken pieces and mix well, ensuring they are fully coated. Cover and marinate for 30 minutes.

  2. Fry the chicken:
    After marinating, deep fry the chicken in hot oil until golden brown. Remove and set aside.

  3. Prepare the sauce:
    In a separate pan, heat some oil. Add garlic, green chilies, and onions, and sauté for about 30 seconds.

  4. Make the gravy:
    Add soy sauce and vinegar to the pan. Mix 1 tbsp of corn flour with 1/2 cup of water or chicken stock and pour it into the pan. Stir until the mixture thickens.

  5. Combine:
    Add the fried chicken pieces to the thickened sauce. Stir well to coat the chicken evenly. Adjust salt if necessary.

  6. Finish:
    Turn off the heat, and your dish is ready to serve!

Enjoy your delicious chicken dish!


අවශ්‍ය දේවල්:
මැරිනේඩ් එකට (ඒ කියන්නෙ කුකුල් මස් ටික පදම් කරගන්න ඕන කරන දේවල්),

  • කටු රහිත චිකන් 500g
  • බිත්තර 1
  • සෝයා සෝස් තේ හැන්දයි
  • ලුණු තේ හැඳි 1/2
  • විනාකිරි මේස හැඳි 1
  • කෝන් පිටි මේස හැඳි 4 (ඉරිඟු පිටි)


තව මේ දේවල් ටිකත් ඕනෙ (මැරිනේඩ් එකට නෙමේ),

  • දිග අතට පලාගත් අමු මිරිස් කරල් 4-5ක්
  • පොඩියට කපාගත් සුදු ළූණු බික් 4
  • ලොකුවට කොටු කපාගත් ළූණු ගෙඩියක්
  • කෝන් පිටි මේස හැන්දක්
  • වතුර හෝ චිකන් ස්ටොක් කප් 1/2
  • සෝයා සෝස් තේ හැඳි 1
  • විනාකිරි තේ හැඳි 1
  • ලුණු තේ හැඳි ½


සාදාගන්නා ආකාරය:

  • මුලින්ම චිකන් හැර මැරිනේඩ් එකට තැබූ ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර මිශ්‍රණයක් (බැටර් එකක්) සාදාගන්න. එයට කපාගත් චිකන් එක් කර හොඳින් මිශ්‍ර කර පැය භාගයක් වසා තබාගන්න.
  • ඊට පස්සෙ මේ චිකන් ටික පැය භාගයකට පසුව ගැඹුරු තෙලේ රන් වන් පැහැ වන තුරු බැදගන්න.
  • දැන් වෙනම බඳුනක තෙල් ටිකක් රත් වෙන්න තබා එයට සුදු ළූණු, අමු මිරිස්, ළූණු එක් කර තප්පර 30ක් පමණ තෙම්පරාදු කරගන්න. එයට සෝයා සෝස් සහ විනාකිරි එක් කර කලවම් කර ඒ සමඟම කෝන් පිටි මේස හැන්ද දිය කරගත් වතුර එක් කරගන්න.
  • ඊට පස්සෙ ඒ මිශ්‍රණය ඝණ වීගෙන එන කොට ඒකට ලුණු සහ චිකන් එක් කර මිශ්‍ර කරගෙන ලිප නිවා ගන්න. එච්චරයි! වැඩේ ඉවරයි!

Sunday, January 19, 2025

Classic Baked Macaroni & Cheese - චීස් දාලා බේක් කරපු මැකරෝනි

 Classic Baked Macaroni & Cheese - චීස් දාලා බේක් කරපු මැකරෝනි



මේක හරි රසයි රෑ කෑමකට නම්. හැමදාම බත්ම කාලා එපා වෙලානම් වෙනසකටත් එක්ක ඔයාලට මේ වගේ දෙයක් හදලා බලන්න පුලුවන්. ඒ වගේම ලොක්කො පොඩ්ඩො හැමෝම කැමති වෙයි මේ විදිහට හදපු "මැකරෝනි" කන්න නම්. "චෙඩාර් චීස්" හොයාගන්න පුලුවන් නම්, මේක හදන්න හරිම ලේසි කෑමක්. ඔයාලට පුළුවන් තව දේවල් එකතු කරලා; මස්, මාළු, ඉස්සෝ, දැල්ලෝ වගේ, මේ කෑම එක තවත් රසවත් කරගන්න.

අවශ්‍ය දේවල්:

  • තම්බාගත් එල්බෝ මැකරෝනි කෝප්ප 2
  • කිරි කෝප්ප 2
  • බටර් මේස හැදි 2
  • පාන් පිටි මේස හැදි 2
  • ලුණු තේ හැදි 1/2
  • ගම්බිරිස් කුඩු තේ හැදි 1/4
  • ගාගත්තු චෙඩාර් චීස් 284g
  • මිරිස් කුඩු තේ හැදි 1/4 (කැමතිනම් පමණක්)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක 400°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. අවන් එකට අන්තිමට මැකරෝනි මිශ්‍රණය දාලා බේක් කරගන්න ගන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් Off කරන්න නම් එපා..!
  • මයික්‍රෝවේව් අවන් එකක් තියෙනවා නම් කිරි ටික ඒකෙ දාල විනාඩි එකහමාරක් රත් කරගන්න. මයික්‍රෝවේව් අවන් එකක් නැත්නම් කිරි ටික තද රස්නෙන් විනාඩි එකහමාරක් රත් කරල ගත්තත් කමක් නෑ.
  • මැකරෝනි කෝප්ප 2 කලවම් කරගන්න පුලුවන් ඉඩක් තියෙන භාජනයක, මද ගින්නේ බටර් ටික දිය කරගන්න. ඒකටම පිටි ටික දාගෙන විනාඩියක් නොනවතවා කලවම් කරමින්, සුමට මිශ්‍රණයක් එනකන් කලවම් කරගන්න.
  • දැන් බොහොම සීරුවට රත් වෙච්ච් කිරි ටික මේකට එකතු කරලා නොනවත්වා විනාඩි 5ක් හෝ මේ මිශ්‍රණය ඝණ වන තුරු උයාගන්න.
  • දැන් ලුණු, ගම්බිරිස්, ගාගත්තු චෙඩාර් චීස් කෝප්ප 1ක් සහ කැමතිනම් මිරිස් කුඩු ටිකත් එකතුකරලා සුමට මිශ්‍රණයක් එනතුරු කලවම් කරලා තම්බාගත් මැකරෝනි ටික එකතුකරන්න.
  • මැකරෝනි ටික චීස් සහ කිරි මිශ්‍රණයේ හොඳින් කලවම් උනාට පස්සේ, අවන් එකට දාන්න පුලුවන් අගල් 8 බේකින් ට්‍රේ එකක් ඇරන් ඒකෙ ඇතුල් පැත්තෙ බටර් ටිකක් එහෙම ගාලා සූදානම් කරගෙන දැන් අපි මේ හදාගත්ත මැකරෝනි මිශ්‍රණය ඒකට දාගෙන ඉතුරු චීස් ටික මැකරෝනි උඩින් ඉහ ගන්න.
  • ඊට පස්සෙ 400°C උෂ්ණත්වයේ විනාඩි 20ක් හෝ රන්වන් පාටවෙලා බුබුළු නගනකන් අපි මේක බේක් කරගන්න ඕනෙ. එච්චරයි!

Classic Baked Macaroni & Cheese


This dish is perfect for dinner! If you're tired of having rice every day, this is a great way to try something different. Everyone, from kids to adults, will love this version of macaroni. If you can find "cheddar cheese," this recipe is incredibly easy to make. You can also add other ingredients like chicken, fish, shrimp, or sausages to make it even tastier.


Ingredients:

  • Cooked elbow macaroni: 2 cups
  • Milk: 2 cups
  • Butter: 2 tablespoons
  • All-purpose flour: 2 tablespoons
  • Salt: 1/2 teaspoon
  • Paprika: 1/4 teaspoon
  • Shredded cheddar cheese: 284g
  • Chili powder (optional): 1/4 teaspoon

Instructions:

  1. Preheat the oven:
    Set your oven to 400°F (200°C) and let it heat up. It should stay at this temperature while you prepare the macaroni mixture to ensure consistent baking.

  2. Warm the milk:
    If you have a microwave, heat the milk for 1.5 minutes. If not, warm it on the stove over medium heat for the same time, being careful not to boil it.

  3. Make the roux:
    Melt the butter in a saucepan over low heat. Add the flour and whisk constantly for about a minute until it forms a smooth paste.

  4. Prepare the cheese sauce:
    Slowly add the warmed milk to the roux, stirring continuously to avoid lumps. Cook this mixture for 5 minutes or until it thickens. Add the salt, paprika, 1 cup of shredded cheddar cheese, and chili powder (if using). Stir until it becomes a smooth cheese sauce.

  5. Mix in the macaroni:
    Add the cooked macaroni to the cheese sauce. Stir gently until every piece is coated evenly.

  6. Prepare the baking dish:
    Take an 8-inch baking tray and grease the inside with butter. Pour the macaroni mixture into the tray, spreading it evenly. Sprinkle the remaining shredded cheese over the top.

  7. Bake to perfection:
    Bake the macaroni in the preheated oven for 20 minutes, or until the top is golden brown and bubbly.


Enjoy your meal!

Let the baked macaroni cool slightly before serving. It’s creamy, cheesy, and satisfying—a dish your whole family will love! Perfect for dinner, parties, or just a cozy evening at home.