1. "Save Time, Eat Smart!" – Discover simple and efficient meal prep hacks to make delicious, healthy meals in no time. 2. "Effortless Meal Prep for Busy Lives" – Learn quick and easy strategies to prepare nutritious meals without spending hours in the kitchen. 3. "Smart Cooking, Less Effort!" – Master time-saving techniques to cook faster, eat healthier, and reduce kitchen stress. 4. "Cook Once, Eat All Week!" – Plan and prepar
Sunday, June 28, 2026
Classic Potato Salad
Sunday, February 9, 2025
Noodle salad 麵條沙拉 Insalata di pasta नूडल सलाद
නුඩ්ල්ස් සැලඩ්
Ingredients:
අවශ්ය දේවල්:
නූඩ්ල්ස් ග්රෑම් 500
පොඩියට කපාගත් ලීක්ස් කෝප්ප 1/4
සිහින් තීරු ලෙස කපාගත් කැරට් අල 2
තීරු ලෙස කපාගත් සුකිනි ගෙඩි 1 (අත්යවශ්යම නැහැ. ඔයාලට හොයා ගන්න පුළුවන් වුනොත් ගන්න.)
තක්කාලි සෝස් කෝප්ප 1/4
සෝයා සොස් මේස හැදි 3 1/2
තීරු ලෙස කපාගත් රතු බෙල් පෙපර් 1(ඇට අයින් කරලා කපාගන්න)
තල තෙල් මේස හැදි 3 ½
කෑලි මිරිස් තේ හැදි 1
දුඹුරු සීනි මේස හැදි 2
තල ඇට මේස හැදි 1 (පෑන් එකක් දාලා ටිකක් බැදගන්න )
ලුණු පොඩ්ඩක්
දෙහි යුෂ මේස හැදි 1 1/2
සාදාගන්නා ආකාරය:
මුලින්ම කරන්න තියෙන්න නූඩ්ල්ස් ටික තම්බගන්න එක. ඒක කරන්නෙ මෙහෙමයි. ටිකක් ලොකු භාජනයක් අරන් ඒකට වතුර දාන්න. ලුණු චුට්ටකුත් දාන්න. දැන් ගින්දර වැඩි කරලා වතුර ටික හොදට උතුරවගන්න. වතුර උතුරනකොට ඒකට නූඩ්ල්ස් ටික දාන්න. ඊට පස්සෙ සැරින් සැරේ හැදි ගගා නූඩ්ල්ස් ටික තම්බගන්න. මේක තැම්බෙන්න විනාඩි 5ක් විතර යනවා. වැඩිය තැබ්බුනොත් වැඩේ හරියන්නෑ. එතකොට නූඩ්ල්ස් ටික බෙරි වෙනවා. ඒ කියන්නෙ වැඩිය තැම්බුනොත් නූඩ්ල්ස් ටික එකට ඇලෙනවා. ඒ නිසා හරියට බලලා තම්බගන්න ඕනෙ.
තැම්බුනාට පස්සෙ නූඩ්ල්ස් වලින් වතුර ටික හොදට පෙරා ගන්න.
ඊට පස්සෙ තව දෙසරයක් විතර ඇල් වතුරෙන් නූඩ්ල්ස් ටික සෝදන්න. දැන් අමාරු වැඩේ ඉවරයි.
ඊළගට ටිකක් ලොකු භාජනයක් අරගෙන ඒකට සීනි, තක්කාලි සෝස්, තල තෙල්, සෝයා සෝස්, ලුණු, දෙහි සේරම දාලා සීනි ටික දියවෙනකම් කලවම් කරන්න.
දැන් නූඩ්ල්ස් ටිකත් එක්ක ලීක්ස්, කැරට්, සුකිනි, බෙල් පෙපර්, තල ඇට, කෑලි මිරිස් දාලා කලවම් කරන්න. ගොඩක් කලවම් කරන්න යන්නත් එපා.
මේක කෑමට ගන්න කලින් පැය දෙකක් විතර ෆ්රිජ් එකේ තියලා ගන්න. එච්චරයි! දැන් වැඩ ඔක්කොම ඉවරයි. ඔන්න ඔහොමයි නූඩ්ල්ස් සැලඩ් හදන්නේ.
Sunday, January 26, 2025
Tomato salad තක්කාලි සලාදය
Tomato salad තක්කාලි සලාදය
Tomato salad Tomato salad
Tomato salad is really a matter of taste, talking about food and drink is an honor to eat and drink! When it comes to salad, there are many salads. You can make a salad from anything that is edible. Most of the time, raw ingredients are used for salads. I am sure that there is no one who cannot make a salad. This is how to make a "tomato salad". Tomato salad is something that anyone can make quickly and easily in a way that makes a plate delicious, nutritious, and colorful.
Ingredients:
A few well-colored, unripe tomatoes. Onion Lettuce A few green chilies Salt and pepper A little lime juice This is how to make it: Wash the tomatoes, peeled onion, lettuce, and green chilies. First, place the lettuce leaves in the salad 'growing' dish in the way you like. Do not cut or chop these leaves. Its deliciousness is preserved when the leaves are full of life. It doesn't matter if you add a little salt and a little lemon juice to this. Because although this lettuce is beautiful, it doesn't taste as good as gotukola for me. . Next, cut the onion and tomato into round slices. (There is no rule that you have to cut it exactly like this: But there is something attractive in this round shape. It is inviting! An interesting salad is like an invitation to the appetite.) Now, spread the chopped onion and tomato on the lettuce in the way you like. Spread the finely chopped green chili pieces on top of it as you like. Sprinkle lemon juice, salt, and pepper powder on top of all this, taste it and serve it to the table. (Add other delicious and nutritious things you like to enrich the salad. It is worth preparing the salad in such a way that the taste, color, and texture (appearance) of each ingredient appear as it is.)
තක්කලි සලාදයක් ඇත්තටම කෑම බීම ගැන අභිරුචියකින් කතා කිරීමම කෑමට බීමට කරන ගෞරවයක්! සලාද කිව්වම ඉතින් නොයෙක් සලාද තියනවා. කෑමට ගතහැකි ඕනෑම දෙයකින් කෑමට හැකි සලාදයක් සාදා ගතහැකියි. ගොඩක් වෙලාවට සලාද වලට යොදා ගන්නෙ අමු දේවල්. සලාදයක් හදාගන්න බැරි කෙනෙක් නැති බව විශ්වාසයි. මේ කියන්න යන්නේ " තක්කලි සලාදයක් " සාදා ගන්නා ආකාරයයි. කෑම පිඟානක් රසවත්, ගුණවත්, වර්ණවත් කරවන ආකාරයෙන්, ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් දෙයක් තමයි තක්කලි සලාද.
අවශ්ය ද්රව්ය:
හොඳින් වර්ණවත්, නොතැලුණු තක්කාලි ගෙඩි කීපයක්. බී ලූනු සලාද කොළ අමු මිරිස් කරල් කිහිපයක් ලුණු කුඩු ගම්මිරිස් කුඩු දෙහි යුෂ ස්වල්පයක් හදන්නෙ මෙහෙමයි තක්කාලි, පොතු ඇරගත් බී ලූනු, සලාද කොළ, අමු මිරිස් සෝදාගන්න. මුලින්ම සලාද කොළ ටික සලාදය ' වඩවන ' දීසියේ තැන්පත් කරගන්න තමන් කැමති ආකාරයකට. මේ කොළ කපන්න කොටන්න යන්නෙපා. ඒකෙ ප්රියමනාප බව රැකෙන්නෙ කොළ ටික ජීවී බවින් පිරී තියන විටයි. මේවට ලුණු කුඩු ටිකක්, දෙහි යුෂ ටිකක් තැවරුවට කමක් නෑ. මොකද මේ සලාද කොළ ලස්සන වුණාට ගොටුකොළ තරම් රස නෑ මටනම්. . මීළඟට බී ලූනු, තක්කලි රවුම් ආකාරයට පෙති කපාගන්න. ( මෙහෙම කීවට ඒ විදියටම කපන්න කියල නියමයක් නෑ: ඒත් මේ වෘත්තාකාර හැඩ තුළ ආකර්ශණීය බවක් තියනවා. ඒක ආරාධනාත්මකයි! සිත් ගන්නා සලාදයක් කෑම රුචියට ආරාධනයක් වගෙයි ) දැන් මේ කපාගත් බී ලූනු, තක්කාලි තමන් කැමති ආකාරයකට අර සලාද කොළ මත අතුර ගන්න. ඒ මත සිහින්ව ලියාගත් අමු මිරිස් කැබලිද තමන්ට රිසි ලෙස අතුරා ගන්න. මේ සියල්ලට උඩින් දෙහි යුෂ, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ඉස, ලුණු ඇඹුල් බලා ආහාරය සඳහා කෑම මේසයට තබන්න. ( තවත් රසවත්, ගුණවත් තමන් කැමති දේ එකතු කර සලාදය පොහොසත් කරගන්න. එක් එක් ද්රව්යයට අදාළ රසය, වර්ණය, වයනය (පෙනුම) ඒ ලෙසම දිස් වන ආකාරයට සලාදය සකස් කරගත්තොත් වටිනවා )
Saturday, January 25, 2025
gōlḍan mosarællā ගෝල්ඩන් මොසරැල්ලා
"ගෝල්ඩන් මොසරැල්ලා. gōlḍan mosarællā
Ingredients:
1 block (450g) of mozzarella cheese (cut into sticks, approximately 3 inches x 1/2 inch each)
2 eggs
3 tablespoons of fat-free milk
1/4 cup of all-purpose flour
1 cup of plain breadcrumbs
Vegetable or coconut oil (enough for deep frying)
Instructions:
1. Prepare the Cheese Sticks
Cut the mozzarella block into sticks approximately 3 inches long and 1/2 inch thick.
2. Set Up Breading Stations
Place the breadcrumbs in a shallow dish.
In a separate dish, place the all-purpose flour.
In another dish, whisk together the eggs and milk until fully combined.
3. Bread the Cheese Sticks
First, coat each cheese stick in flour, ensuring it’s fully covered.
Next, dip the floured stick into the egg mixture, letting any excess drip off.
Finally, coat the stick in breadcrumbs, pressing gently to ensure the breadcrumbs adhere well.
4. Freeze the Breaded Sticks
Arrange the breaded cheese sticks on a tray lined with parchment paper.
Place the tray in the freezer for 1-2 hours or until the sticks are firm.
5. Heat the Oil
Heat enough oil in a deep frying pan or pot to fully submerge the sticks.
Test the oil's readiness by dropping in a small piece of breadcrumb; it should sizzle and turn golden quickly.
6. Fry the Cheese Sticks
Fry the frozen cheese sticks in small batches, ensuring the oil temperature remains consistent.
Cook until the sticks are golden brown, about 1-2 minutes per batch.
7. Drain and Serve
Remove the fried sticks from the oil and place them on a plate lined with paper towels to drain excess oil.
Serve hot with
your favorite dipping sauces.
Enjoy your crispy mozzarella sticks!
අවශ්ය දේවල්:
ග්රෑම් 450 ක මොසරෙල්ලා බ්ලොක් 1 (ඒ කිව්වෙ මොසරෙල්ලා චීස් තීරුවක්) බිත්තර 2 මේදය රහිත කිරි තේ හැදි 3 පාන් පිටි කෝප්ප 1/4 සාමාන්යය පාන් කුඩු කෝප්ප 1 මේවා ගැඹුරු තෙලේ බැදගන්න ප්රමාණවත් තරමට තෙල් (එළවළු හෝ පොල් තෙල්) සාදා ගන්නා ආකාරය: මුලින්ම මොසරෙල්ලා බ්ලොක් එක අගල් 3 x 1/2 තීරු වලට කපාගන්න. දැන් පාන් කුඩු ටික අරන් පොඩි ගැඹුරක් තියෙන භාජනයකට දාගන්න. පාන් පිටි ටිකත් තව ඒ වගේම වෙනත් භාජනයකට දාගන්න. ඒ වගේම වෙනත් භාජනයක, බිත්තරයි කිරියිත් මිශ්ර කරගන්න. අපි අපේ චීස් තීරු ටික ඉස්සෙල්ලම පාන් පිටි එකේ තවරගන්න ඕනෙ, ඊට පස්සෙ බිත්තර එකේ ගිල්වන්න ඕනෙ සහ අන්තිමටම පාන් කුඩු වල තවරගන්න ඕනෙ. මෙහෙම තවරගත්තු චීස් තීරු ටික පරිස්සමට කේක් ට්රේ එකකට තෙල් කඩදාසියක් දාලා ඒකෙ අතුරගන්න (කේක් ට්රේ එකක්ම ඕනෙ නැහැ, මොකක් හරි ට්රේ එකක අතුරාගන්න ෆ්රිජ් එකට දාන්න පුලුවන් වෙන්න). දැන් මේ ට්රේ එක පැයක් හෝ දෙකක් හෝ හොදට හයිය වෙනකන් අධිශීතකරණයේ දාලා තියන්න ඕනෙ. දැන්, ඉඩකඩ තියෙන තාච්චියක් ඇරන් ඒකට තෙල් දාගෙන ලිපේ තියලා රත්වෙන්න හරින්න (චීස් තීරු ටික ගැඹුරු තෙලේ බැදගන්න ප්රමාණවත් වෙන තරමට තෙල් දාගන්න ඕනෙ අපි). චීස් තීරු ටික තෙල්වලට දාන්න කලින් ටික ඇතිවෙන්න තෙල් රත්වෙලාද කියලා බලන්න ඕනෙ. ඒකට ඕගොල්ලොන්ට පුළුවන් පාන් කුඩු ටිකක් දාලා තෙල් රත්වෙලා ද කියලා බලාගන්න. හරි! දැන් කරන්න තියෙන්නෙ අපේ චීස් තීරු ටික රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැදගන්න එක. එහෙම බැදගත්තට පස්සෙ ඒවගෙ තෙල් මාත්තු කරගෙන, ඔයාලට පුළුවන් සෝස් ටිකක් එක්ක එහෙම කෑමට ගන්න. කාට හරි පිළිගනවනම් පොඩ්ඩක් සරසාගෙනම පිළිගන්වන්න හොදේ..



