Classic Baked Macaroni & Cheese - චීස් දාලා බේක් කරපු මැකරෝනි
අවශ්‍ය දේවල්:
- තම්බාගත් එල්බෝ මැකරෝනි කෝප්ප 2
- කිරි කෝප්ප 2
- බටර් මේස හැදි 2
- පාන් පිටි මේස හැදි 2
- ලුණු තේ හැදි 1/2
- ගම්බිරිස් කුඩු තේ හැදි 1/4
- ගාගත්තු චෙඩාර් චීස් 284g
- මිරිස් කුඩු තේ හැදි 1/4 (කැමතිනම් පමණක්)
සාදාගන්නා ආකාරය:
- මුලින්ම අවන් එක 400°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. අවන් එකට අන්තිමට මැකරෝනි මිශ්‍රණය දාලා බේක් කරගන්න ගන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් Off කරන්න නම් එපා..!
- මයික්‍රෝවේව් අවන් එකක් තියෙනවා නම් කිරි ටික ඒකෙ දාල විනාඩි එකහමාරක් රත් කරගන්න. මයික්‍රෝවේව් අවන් එකක් නැත්නම් කිරි ටික තද රස්නෙන් විනාඩි එකහමාරක් රත් කරල ගත්තත් කමක් නෑ.
- මැකරෝනි කෝප්ප 2 කලවම් කරගන්න පුලුවන් ඉඩක් තියෙන භාජනයක, මද ගින්නේ බටර් ටික දිය කරගන්න. ඒකටම පිටි ටික දාගෙන විනාඩියක් නොනවතවා කලවම් කරමින්, සුමට මිශ්‍රණයක් එනකන් කලවම් කරගන්න.
- දැන් බොහොම සීරුවට රත් වෙච්ච් කිරි ටික මේකට එකතු කරලා නොනවත්වා විනාඩි 5ක් හෝ මේ මිශ්‍රණය ඝණ වන තුරු උයාගන්න.
- දැන් ලුණු, ගම්බිරිස්, ගාගත්තු චෙඩාර් චීස් කෝප්ප 1ක් සහ කැමතිනම් මිරිස් කුඩු ටිකත් එකතුකරලා සුමට මිශ්‍රණයක් එනතුරු කලවම් කරලා තම්බාගත් මැකරෝනි ටික එකතුකරන්න.
- මැකරෝනි ටික චීස් සහ කිරි මිශ්‍රණයේ හොඳින් කලවම් උනාට පස්සේ, අවන් එකට දාන්න පුලුවන් අගල් 8 බේකින් ට්‍රේ එකක් ඇරන් ඒකෙ ඇතුල් පැත්තෙ බටර් ටිකක් එහෙම ගාලා සූදානම් කරගෙන දැන් අපි මේ හදාගත්ත මැකරෝනි මිශ්‍රණය ඒකට දාගෙන ඉතුරු චීස් ටික මැකරෝනි උඩින් ඉහ ගන්න.
- ඊට පස්සෙ 400°C උෂ්ණත්වයේ විනාඩි 20ක් හෝ රන්වන් පාටවෙලා බුබුළු නගනකන් අපි මේක බේක් කරගන්න ඕනෙ. එච්චරයි!
Classic Baked Macaroni & Cheese
This dish is perfect for dinner! If you're tired of having rice every day, this is a great way to try something different. Everyone, from kids to adults, will love this version of macaroni. If you can find "cheddar cheese," this recipe is incredibly easy to make. You can also add other ingredients like chicken, fish, shrimp, or sausages to make it even tastier.
Ingredients:
- Cooked elbow macaroni: 2 cups
- Milk: 2 cups
- Butter: 2 tablespoons
- All-purpose flour: 2 tablespoons
- Salt: 1/2 teaspoon
- Paprika: 1/4 teaspoon
- Shredded cheddar cheese: 284g
- Chili powder (optional): 1/4 teaspoon
Instructions:
-
Preheat the oven:
Set your oven to 400°F (200°C) and let it heat up. It should stay at this temperature while you prepare the macaroni mixture to ensure consistent baking. -
Warm the milk:
If you have a microwave, heat the milk for 1.5 minutes. If not, warm it on the stove over medium heat for the same time, being careful not to boil it. -
Make the roux:
Melt the butter in a saucepan over low heat. Add the flour and whisk constantly for about a minute until it forms a smooth paste. -
Prepare the cheese sauce:
Slowly add the warmed milk to the roux, stirring continuously to avoid lumps. Cook this mixture for 5 minutes or until it thickens. Add the salt, paprika, 1 cup of shredded cheddar cheese, and chili powder (if using). Stir until it becomes a smooth cheese sauce. -
Mix in the macaroni:
Add the cooked macaroni to the cheese sauce. Stir gently until every piece is coated evenly. -
Prepare the baking dish:
Take an 8-inch baking tray and grease the inside with butter. Pour the macaroni mixture into the tray, spreading it evenly. Sprinkle the remaining shredded cheese over the top. -
Bake to perfection:
Bake the macaroni in the preheated oven for 20 minutes, or until the top is golden brown and bubbly.
Enjoy your meal!
Let the baked macaroni cool slightly before serving. It’s creamy, cheesy, and satisfying—a dish your whole family will love! Perfect for dinner, parties, or just a cozy evening at home.

No comments:
Post a Comment