Lemon Coconut Macaroons
Today, I’m sharing a simple yet delicious snack that’s easy to make. If you can find the ingredients, especially a lemon, making this recipe will be a breeze. While finding a lemon might be a bit tricky, you can always grab one from a supermarket. The other ingredients are easily available at any store. Let’s get started!
Ingredients:
- 1 egg white
- 1/8 tsp salt
- 3/4 cup condensed milk
- 1 tbsp finely grated lemon zest
- 1/2 tsp lemon juice
- 1/2 tsp vanilla extract
- 400g shredded coconut
Method:
- Preheat the oven to 150°C (300°F).
- Prepare a baking tray by lining it with two layers of parchment paper. This helps ensure the macaroons don’t stick.
- In a large mixing bowl, beat the egg white and salt for about 2 minutes until slightly frothy.
- Add the condensed milk, lemon zest, lemon juice, vanilla extract, and shredded coconut. Mix well using a spatula.
- Gradually fold the egg white mixture into the coconut mixture until fully combined.
- Use an ice cream scoop to take portions of the mixture, forming small balls. If needed, lightly shape them by hand. Be careful not to over-handle the mixture as it might stick to your hands.
- Place the scooped balls onto the prepared tray, ensuring enough space (about an inch) between each.
- Bake in the preheated oven for approximately 20 minutes, or until the tops turn golden brown.
- Remove from the oven and allow them to cool completely.
Your lemon coconut macaroons are ready to serve. Enjoy!
ලෙමන් කොකනට් මැකරූන්
ඔන්න අද කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස්, හැබැයි ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස පොඩි කෑමක් ගැන. ඕන කරන දේවල් ටික හොයාගන්න පුලුවන් නම් ඔයාලට මෙවා හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු වෙන්නෙ නැහැ. ඔයාලට ටිකක් හොයාගන්න අමාරු වුනොත් අමාරු වෙන්නෙ ලෙමන් ගෙඩියක් හොයාගන්න තමයි. හැබැයි ඒවත් ඔයාලට සුපර් මාකට් එකකින් වගේ ගන්න පුලුවන්. අනිත් දේවල් නම් සාමාන්‍ය කඩයකින් ගන්න වුනත් ගන්න පුලුවන්.. හරි! බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..
අවශ්‍ය දේවල්:
බිත්තර සුදු මද 1
ලුණු තේ හැදි 1/8
මිල්ක් මේඩ් කෝප්ප 3/4
යාන්තමට සූරාගත්ත ලෙමන් පොතු මේස හැදි 1
ලෙමන් යුෂ තේ හැදි 1/2
වැනිලා තේ හැදි 1/2
ගාගත්ත පොල් ග්‍රෑම් 400
සාදාගන්නා ආකාරය:
මුලින්ම අපි කරන්න ඕනෙ අවන් එක 150°C උෂ්ණත්වයට රත්වෙන්න දාගන්න එක.
ඊළගට අවන් එකට දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන ඒකේ ඇතුල් පැත්තට තෙල් කඩදාසි කොළ 2ක් දාගන්න. ඒ කියන්නෙ තට්ටු 2ක් වගේ වෙන්න.
දැන් ටිකක් ලොකු භාජනයක් අරගෙන බිත්තර සුදු මදය දාලා ලුණු චුට්ටකුත් දාලා විනාඩි 2ක් විතර බීට් කරගන්න.
ඊලගට මිල්ක් මේඩ්, ලෙමන් යුෂ, ලෙමන් පොතු, වැනිලා සහ පොල් කියන සේරම එකට දාලා කලවම් කරගන්න. මේකට ස්පැටුලා එකක් (පැතලි හැන්දක්) වගේ පාවිච්චි කරන්න පුළුවන්.
දැන් මේ මිශ්‍රණය කලින් බීට් කරගත්ත බිත්තර මිශ්‍රණයට දාලා සේරම එකට කලවම් කරගන්න.
ඊට පස්සෙ අපිට ඕන කරනවා ස්කූප් එකක්, ඒ කියන්නෙ අපි අර අයිස් ක්‍රීම් බෙදන්න ගන්නෙ හැන්දක්! අන්න ඒ වගේ එකක්.
දැන් කරන්න තියෙන්නෙ කලින් හදාගත්ත මිශ්‍රණයෙන් ඒ ස්කූප් එකෙන් එකක් වෙන්න ගන්න එක, එහෙම කරන්න හේතුව එහෙම ස්කූප් එකකින් ගන්නකොට මිශ්‍රණයෙන් බෝලයක් වගේ කොටසක් තමයි හැන්දට එතකොට එන්නෙ.
එහෙම ගත්ත මිශ්‍රණය අතට අරගෙන අතින් පොඩ්ඩක් තවත් රවුම් කරලා හදාගත්ත ට්‍රේ එක උඩින් තියන්න. අතින් රවුම් කරනකොට ගොඩාක් කරන්න යන්න එපා අත පුරාම ගෑවෙනවා මේවා. පොඩ්ඩක් අතින් රවුම් කරලා ගත්තහම ඇති.
මේ විදියට මිශ්‍රණයෙන් සේරම ටික ස්කූප් එකකින් අරගෙන ට්‍රේ එකේ තියාගන්න, එහෙම තියනකොට මේ බෝල දෙකක් අතර පරතරය අහලක් වගේ වෙන්න ඉඩක් තියාගන්න ඕනෙ.
හරි! දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් එහෙනම් ට්‍රේ එක අපි කලින් රත් වෙන්න දා ගත්ත අවන් එකට දාල විනාඩි 20ක් විතර බේක් කරගන්න.
ඒ විදියට බේක් අරගත්තට පස්සෙ එළියට අරන් නිවෙන්න තියලා ඔයාලට කෑමට ගන්න පුලුවන්.

No comments:
Post a Comment