චිකන් මජ්බූස් (Chicken #Majboos)
Ingredients
500 grams of chicken
3 chopped tomatoes
A little chopped ginger and garlic
3 sliced onions
Salt
2 tablespoons of vegetable oil
3-4 fennel seeds
Pepper powder
1/2 teaspoon of turmeric
4 fish chilies, cut into rounds
1 kilo of basmati rice
2 tablespoons of margarine
A few coriander leaves
Wash the rice and let it soak for 30 minutes.
Place a pot on the stove and add the vegetable oil. When it is hot, add the ginger-garlic paste.
Cut the chicken into small pieces and add it to this.
Now add turmeric powder, tomatoes, pepper powder, salt and enough water to boil the chicken. When the meat is half cooked, add the rice.
Now add the margarine, chopped onion and fish chili and cook the rice. Sprinkle chopped coriander leaves on top.
අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් ග්‍රෑම් 500
කපාගත් තක්කාලි ගෙඩි 3
චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු ස්වල්පයක්
පෙති කපාගත් ළූණු ගෙඩි 3
ලුණු
එළවළු තෙල් මේස හැඳි 2
එනසාල් ඇට 3-4
ගම්මිරිස්කුඩු
කහකුඩු තේ හැඳි 1/2
රවුමට කපාගත් මාළු මිරිස් කරල් 4
බාස්මතී හාල් කිලෝ 1
මාගරින් මේස හැඳි 2
කොත්තමල්ලි කොළ ස්වල්පයක්
හාල් සෝදා විනාඩි 30ක් පෙඟෙන්න තියන්න.
භාජනයක් ලිපේ තියලා එළවළු තෙල් ටික දමා රත්වෙනකොට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න.
චිකන් ටික පොඩි කෑලි කපලා මේකට එකතු කරගන්න.
දැන් මේකට කහකුඩු ,තක්කාලි, ගම්මිරිස්කුඩු, ලුණු දාලා චිකන් ටික තැම්බෙන්න ඇති තරම් වතුර දාගන්න. මස් ටික බාගෙට තැම්බෙනකොට හාල් ටික එකතු කරන්න.
දැන් මාගරින්, කපාගත් ළූණු හා මාළු මිරිස් එකතු කරලා බත් එක පිසගන්න. උඩින් කොත්තමල්ලි කොළ චොප්කර ඉසගන්න.

No comments:
Post a Comment