Tuesday, February 4, 2025

Bhimmal Moju බිම්මල් මෝජු

  බිම්මල් මෝජු



Ingredients 


1 packet of regular mushrooms (200g)


Seven or eight red onions


About ten or twelve sprats 


Six or seven green chilies, cut into two pieces


1 teaspoon of ginger-garlic paste


A cinnamon stick 


1 tablespoon of oil


Half a large onion, chopped


1 tablespoon of chili powder


1/4 teaspoon of turmeric


1 teaspoon of sugar


1 tablespoon of ground mustard


1/4 teaspoon of vinegar


Salt to taste


Method of preparation


First, finely chop the mushrooms and put them in salted water for five minutes. Now squeeze out the water and deep fry them in oil. Deep fry the green chillies, green chillies, and red onion in oil.


Grind the mustard seeds by adding a little vinegar.


Now put a clay pot on the stove and add oil. When it is hot, add the ginger garlic paste and half the chopped large onion.


 When they are fragrant and fried, add the curry leaves. Now add the chili flakes, turmeric powder, and cinnamon sticks and mix.


  (For those who want more spice, you can add more chili flakes..) Add sugar. 


For those who do not like sugar, you can add dates.. Now add the ground mustard mixture and add the remaining vinegar..


 It should thicken like a sauce. 


 If the vinegar is not enough, add a little more.


 Now turn off the heat and add the fried mushrooms, onions, green peppers and sprats, stir slowly, add salt to taste, cover well and leave for a few hours to eat. 


අවශ්‍ය ද්‍රව්‍ය 


සාමාන්‍ය බිම්මල් පැකට් 01 (200g)

රතුළුෑණු ගෙඩි හත අටක්

හාල්මැස්සන් දහයක් දොලහක් පමණ 

දෙකට පලා ගත් අමුමිරිස් කරල් හය හතක්

ඉඟුරු සුදුළුෑණු පේස්ට් තේහැඳි 01

කුරුඳු කැබැල්ලක් 

තෙල් මේස හැඳි 01

චොප් කරගත් ලොකු ළුෑණු ගෙඩි බාගයක්

කෑලි මිරිස් මේස හැඳි 01

කහකුඩු තේහැඳි 1/4

සීනි තේහැඳි 01

අඹරා ගත් අබ මේස හැඳි 01

විනාකිරි අඬුකෝප්ප 1/4

රස අනුව ලුණු 


සාදන ක්‍රමය 


මුලින්ම බිම්මල් ටික සිහින් ව ඉරා ලුණු මිශ්‍ර වතුරෙහි විනාඩි පහක් තබන්න.. දැන් වතුර මිරිකා ගැඹුරු තෙලේ බැද ගන්න. අමුමිරිස්, හාල්මැස්සන්, සහ රතුළුෑණුත් ගැඹුරු තෙලේ බැද ගන්න.


විනාකිරි ටික ටික දමමින් අබ ටික අඹරා ගන්න..


දැන් මැටි වලදක් ලිපේ තබා තෙල් ටික දමා රත්වන විට ඉඟුරු සුදුළුෑණු පේස්ට් එක සහ චොප් කරගත් ලොකු ළුෑණු ගෙඩි බාගය දමන්න..


 සුවඳ හමමින් ඒවා බැදෙන විට කරපිංචා ටිකත් එකතු කරන්න. දැන් කෑලි මිරිස්, කහකුඩු, කුරුඳු පොතු ටිකත් එකතු කර මික්ස් කර ගන්න.


 (වැඩිපුර සැර අවශ්‍ය අයට කෑලි මිරිස් තව එකතු කර ගන්න පුළුවන්..) සීනි ටිකත් එකතු කරන්න. 


සීනි වලට අකමැති අයට රටඉඳි එකතු කර ගන්න පුළුවන්.. දැන් අඹරා ගත් අබ මිශ්‍රණය දමා ඉතිරි විනාකිරි ටික දමන්න..


 සෝස් එකක් වගේ උකුවට එන්න ඕනි. 

විනාකිරි මදි නම් තව ටිකක් එකතු කර ගන්න..


 දැන් ලිප නිවලා බැදගත් බිම්මල්, ළුෑණු, අමුමිරිස් සහ හාල්මැස්සන් ටික එකතු කර සෙමින් කලවම් කර රස අනුව ලුණු දමා හොඳින් වසා පැය කීපයක් තබා කෑමට ගන්න.. 

No comments:

Post a Comment