Wambatu Moju - වම්බටු මෝජු
Ingredients:
500g eggplant
250g red onion
100g raw chili
100g rice flour
1 clove of chili pepper
3-4 cloves of garlic
1 small piece of ginger
3 tablespoons of vinegar
2 teaspoons of mustard powder
1 teaspoon of turmeric powder
1 teaspoon of chili powder
2 tablespoons of sugar
1 teaspoon of salt
Coconut oil (as much as needed for frying)
How to make:
First, wash the eggplant and cut it into thin strips about 2 inches long and half an inch long, soak it in turmeric water and keep it aside.
Then wash and clean the red onion.
If the rice flour is sticky, cut the heads off, wash it and keep it aside to drain the water.
Cut the green chili lengthwise in half. So that the seeds are close to the skin.
Make a paste by grinding the garlic and ginger.
Now squeeze the water from the eggplants and fry them in deep oil until golden brown. After frying, place them on a tissue paper to drain the oil from the eggplants.
Fry the red onions in deep oil for about a minute and place them on a tissue paper to drain the oil.
Also, fry the green chillies, cut lengthwise, in deep oil for about 45 seconds and place them on a tissue paper to drain the oil.
Separate the curry leaves and fry them in deep oil for about 30 seconds and place them on a tissue paper to drain the oil.
Finally, fry the sprats in deep oil well and place them on a tissue paper to drain the oil.
Now put a large (non-aluminum) pot on the stove and add vinegar to it. When it is hot, add the ginger-garlic paste, mustard powder, chili powder, sugar, and salt and mix well.
Now add the eggplant, red onion, green chili, curry leaves, and rice flour that we fried earlier to that mixture and stir until they are cooked in the vinegar for about 30 seconds and remove from the stove.
After it cools down, if you store it in an airtight glass bottle, you can keep it for about 3 weeks.
අවශ්‍ය දේවල්:
වම්බටු 500g
රතු ළූණු 250g
අමු මිරිස් 100g
හාල් මැස්සෝ 100g
කරපිංචා ඉත්තක්
සුදු ළූණු බික් 3-4
පොඩි ඉගුරු කෑල්ලක්
විනාකිරි මේස හැදි 3
අබ කුඩු තේ හැදි 2
කහ කුඩු තේ හැදි 1
මිරිස් කුඩු තේ හැදි 1
සීනි මේස හැදි 2
ලුණු කුඩු තේ හැදි 1
පොල් තෙල් (බැද ගැනීමට අවශ්‍ය පමණ)
සාදාගන්නා ආකාරය:
මුලින්ම වම්බටු සෝදාලා අගල් 2ක් විතර දිග අගල් බාගයක් විතර හීනි පොඩි තීරු වලට කපලා කහ වතුරේ දාලා පැත්තකින් තියාගන්න.
ඊට පස්සේ රතු ළූණු හෝදලා සුද්ද කරගන්න.
හාල් මැස්සොත් ඔළු කඩලා හෝදලා වතුර බේරෙන්න තියන්න.
අමු මිරිස් දිග අතට මැදින් දෙකට පලාගන්න. කරල නැට්ට ලගින් එකතුවෙලා තියෙන විදියට.
සුදු ළූණු , ඉගුරු හොඳට තලලා තලපයක් (Paste එකක්) හදාගන්න.
දැන් වම්බටු ටික වතුර මිරිකලා අරගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු බැදගන්න. බැදගත්තට පස්සෙ වම්බටු වල තෙල් ටික අයින් වෙන්න ඒ ටික ටිශූ කඩදාසියක (Tissue paper) තියන්න.
රතු ළූණු ගෙඩි ටිකත් ගැඹුරු තෙලේ විනාඩියක් විතර බැදලා තෙල් ටික අයින් වෙන්න ටිශූ කඩදාසියක තියන්න.
ඒ වගේම දිග අතට කපපු අමු මිරිසුත් ගැඹුරු තෙලේ තත්පර 45 ක් විතර බැදලා තෙල් ටික අයින් වෙන්න ටිශූ කඩදාසියක තියන්න.
කරපිංචා කොළ ටිකත් වෙන්කරලා ගැඹුරු තෙලේ තත්පර 30 ක් විතර බැදලා තෙල් ටික අයින් වෙන්න ටිශූ කඩදාසියක තියන්න.
අන්තිමට හාල්මැස්සන් ටිකත් හොඳට ගැඹුරු තෙලේ බැදලා තෙල් ටික අයින් වෙන්න ටිශූ කඩදාසියක තියන්න.
දැන් ටික්ක ලොකු (ඇලුමිනියම් නොවෙන) භාජනයක් ලිපේ තියලා ඒකට විනාකිරි දාලා රත්වීගෙන එනකොට ඉගුරු සුදු ළූණු තලපය (Paste එක), අබ කුඩු, මිරිස් කුඩු, සීනි, ලුණු කුඩු එකතුකරලා හොඳට හැදිගාන්න.
දැන් ඒ මිශ්‍රණයට අපි කලින් බැදගත්ත වම්බටු, රතු ළූණු, අමු මිරිස්, කරපිංචා, හාල් මැස්සන් එකතු කරලා තත්පර 30ක් වගේ විනාකිරෙන් තැම්බෙනකන් කලවම් කරලා ලිපෙන් බාගන්න.
නිවුනාට පස්සේ හුලන් නොවදින විදිහට වීදුරු බෝතලයකට වගේ දාලා තියාගත්තොත් සති 3ක් විතර තියාගෙන කන්න පුළුවන්.
No comments:
Post a Comment