Tuesday, January 28, 2025

Cheesy Chicken, Rice & Broccoli -

  Chicken, Rice & Broccoli -


Ingredients:

1 cup white rice

4 boneless chicken breasts

2 tablespoons olive oil

1 teaspoon salt

1/4 teaspoon pepper

2 1/2 cups water in which the chicken was cooked

1 cup red bell pepper, finely chopped

2 1/2 cups broccoli, finely chopped

2 cups cheddar cheese

How to make:

First, cut the meat into fairly large pieces.

Then, boil the meat.

Now, heat some oil in a pan. Add the boiled meat, salt, and pepper to it and let it cook for a while. Don't forget to stir it occasionally while cooking. It will take 4-6 minutes to cook.

 Then add the rice and the water in which the chicken was cooked to this mixture and cook for 10-15 minutes until the water boils. At this time, you need to reduce the heat on the stove.

While cooking in this way, after absorbing all the water in the pot, add the bell pepper and broccoli. Add a cup of cheese along with it.

Now close the lid of the pot and cook for about 8-10 minutes.

After the vegetables are cooked, you need to remove it from the stove.

Finally, all you have to do is add the remaining cup of cheese on top of the mixture and leave it covered in the pot for a while until the cheese melts. That's it! We have cooked our delicious rice. Now all you have to do is eat it.



අවශ්‍ය දේවල්:

  • සුදු හාල් කෝප්ප 1
  • කටු අයින් කරගත්ත කුකුල් මස් (පපු කොටස්) 4
  • ඔලිව් තෙල් මේස හැදි 2
  • ලුණු තේ හැදි1
  • ගම්මිරිස් තේ හැදි 1/4
  • කුකුල් මස් තම්බපු වතුර කෝප්ප 2 1/2
  • පොඩියට කපාගත්ත රතු බෙල් පෙපර් කෝප්ප 1
  • පොඩියට කපාගත් බ්‍රොකොලි කෝප්ප 2 1/2
  • චෙඩාර් චීස් කෝප්ප 2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම මස් ටික තරමක් ලොකු කෑලි වලට කපාගන්න.
  • ඊට පස්සෙ මස් ටික තම්බගන්න ඕනෙ.
  • දැන් තෙල් ටිකක් භාජනයකට දාලා රත් කර ගන්න. ඒකට තම්බපු මස්, ලුණු, ගම්මිරිස් දාලා පොඩ්ඩක් ඉවෙන්න හරින්න. උයනගමන් සැරින් සැරේ මේක හැදිගාගන්නත් අමතක කරන්න එපා. විනාඩි 4-6ක් යනකොට මේක උයාගන්න පුළුවන්.
  • ඊට පස්සේ හාල් ටිකයි කුකුල් මස් තම්බපු වතුර ටිකයි මේ මිශ්‍රණයට දාලා වතුර ටික උතුරනකම් විනාඩි 10-15ක් උයාගන්න. මේ වෙලාවෙදි ලිපේ ගින්දර අඩු කරන්න ඕනෙ.
  • මේ විදියට උයාගන්නකොට භාජනේ තියන වතුර ටික සේරම මිශ්‍රණයට උරාගත්තට පස්සෙ බෙල් පෙපර් ටිකයි බ්‍රොකොලි ටිකයි එකතු කරන්න. චීස් කෝප්ප එකකුත් ඒ එක්කම එකතු කරන්න.
  • දැන් භාජනේ පියන වහලා විනාඩි 8-10ක් විතර උයාගන්න.
  • එළවළු ටික තැම්බුනාට පස්සෙ මේක ලිපෙන් බාගන්න ඕනෙ.
  • අන්තිමටම කරන්න තියෙන්නෙ ඉතුරු චීස් කෝප්පෙත් මිශ්‍රණය උඩින් දාලා චීස් ටික දියවෙනකම් ටිකක් වෙලා භාජනේ වහලා තියන්න. එච්චරයි! ඔන්න ඔන්න අපේ රසම රස බත් එක අපි උයාගෙන ඉවරයි. දැන් ඉතින් කෑමට ගන්න තමයි තියෙන්නෙ.



No comments:

Post a Comment