Yellow Rice - කහ බත
Ingredients:
350g rice
2 tablespoons ghee
1 medium onion, finely chopped
3 coriander seeds
3 cloves
A few peppercorns
1/2 teaspoon turmeric powder
1 piece of coriander leaves
1 piece of cinnamon bark
2 cups of chicken stock
1/2 cup of coconut milk
2 teaspoons of salt
How to make:
Wash the rice and keep the water aside.
Heat the ghee in a large pan.
Add the onion and fry until translucent.
Add all the ingredients including the rice and fry for 2-3 minutes, stirring well.
Put this mixture in a rice cooker or rice cooker.
Add chicken stock and coconut milk and cook until the moisture is absorbed.
Once the rice is cooked, add the spices and stir until they float to the top. Remove them and fluff the rice with a fork.
සාදාගන්නා ආකාරය:
අවශ්‍ය දේවල්:
- හාල් 350g
- ගිතෙල් මේස හැඳි 2ක්
- සිහින්ව ලියාගත් මධ්‍යම ප්‍රමාණයේ ලූනු ගෙඩියක්
- එන්සාල් /කරඳමුංගු ඇට 3ක්
- කරාබුනැටි 3ක්
- ගම්මිරිස් ඇට ස්වල්පයක්
- කහ කුඩු තේ හැඳි 1/2ක්
- සේර කොළ කැබැල්ලක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- මස් තැම්බූ වතුර (චිකන් ස්ටොක්) කෝප්ප 2ක්
- පොල් මිටි කිරි කෝප්ප 1/2
- ලුණු තේ හැඳි 2ක්
සාදාගන්නා ආකාරය:
- හාල් සෝදා වතුර බේරෙන්න තබාගන්න.
- ලොකු පෑන් එකක ගිතෙල් රත් වෙන්න තබන්න.
- එයට ලූනු දමා විනිවිද පෙනෙන තෙක් බැදගන්න.
- හාල් ඇතුළු සියලුම දේවල් ඊට එක්කර හොඳින් හැඳිගාමින් විනාඩි 2-3ක් බැදගන්න.
- රයිස් කුකර් එකකට හෝ බත් උයන භාජනයකට මෙම මිශ්‍රණය දමාගන්න.
- එයට චිකන් ස්ටොක් සහ පොල් මිටි කිරි එක්කර තෙතමනය හිඳෙන තුරු පිසගන්න.
- බත ඉදුනු පසු එක්කල කුළුබඩු උඩට මතුවන අතර ඒවා ඉවත් කර බත් එක ගෑරුප්පුවකින් යන්තම් හැඳිගාගන්න.

No comments:
Post a Comment