"ගෝල්ඩන් මොසරැල්ලා. gōlḍan mosarællā
Ingredients:
1 block (450g) of mozzarella cheese (cut into sticks, approximately 3 inches x 1/2 inch each)
2 eggs
3 tablespoons of fat-free milk
1/4 cup of all-purpose flour
1 cup of plain breadcrumbs
Vegetable or coconut oil (enough for deep frying)
Instructions:
1. Prepare the Cheese Sticks
Cut the mozzarella block into sticks approximately 3 inches long and 1/2 inch thick.
2. Set Up Breading Stations
Place the breadcrumbs in a shallow dish.
In a separate dish, place the all-purpose flour.
In another dish, whisk together the eggs and milk until fully combined.
3. Bread the Cheese Sticks
First, coat each cheese stick in flour, ensuring it’s fully covered.
Next, dip the floured stick into the egg mixture, letting any excess drip off.
Finally, coat the stick in breadcrumbs, pressing gently to ensure the breadcrumbs adhere well.
4. Freeze the Breaded Sticks
Arrange the breaded cheese sticks on a tray lined with parchment paper.
Place the tray in the freezer for 1-2 hours or until the sticks are firm.
5. Heat the Oil
Heat enough oil in a deep frying pan or pot to fully submerge the sticks.
Test the oil's readiness by dropping in a small piece of breadcrumb; it should sizzle and turn golden quickly.
6. Fry the Cheese Sticks
Fry the frozen cheese sticks in small batches, ensuring the oil temperature remains consistent.
Cook until the sticks are golden brown, about 1-2 minutes per batch.
7. Drain and Serve
Remove the fried sticks from the oil and place them on a plate lined with paper towels to drain excess oil.
Serve hot with
your favorite dipping sauces.
Enjoy your crispy mozzarella sticks!
අවශ්‍ය දේවල්:
ග්‍රෑම් 450 ක මොසරෙල්ලා බ්ලොක් 1 (ඒ කිව්වෙ මොසරෙල්ලා චීස් තීරුවක්) බිත්තර 2 මේදය රහිත කිරි තේ හැදි 3 පාන් පිටි කෝප්ප 1/4 සාමාන්‍යය පාන් කුඩු කෝප්ප 1 මේවා ගැඹුරු තෙලේ බැදගන්න ප්‍රමාණවත් තරමට තෙල් (එළවළු හෝ පොල් තෙල්) සාදා ගන්නා ආකාරය: මුලින්ම මොසරෙල්ලා බ්ලොක් එක අගල් 3 x 1/2 තීරු වලට කපාගන්න. දැන් පාන් කුඩු ටික අරන් පොඩි ගැඹුරක් තියෙන භාජනයකට දාගන්න. පාන් පිටි ටිකත් තව ඒ වගේම වෙනත් භාජනයකට දාගන්න. ඒ වගේම වෙනත් භාජනයක, බිත්තරයි කිරියිත් මිශ්‍ර කරගන්න. අපි අපේ චීස් තීරු ටික ඉස්සෙල්ලම පාන් පිටි එකේ තවරගන්න ඕනෙ, ඊට පස්සෙ බිත්තර එකේ ගිල්වන්න ඕනෙ සහ අන්තිමටම පාන් කුඩු වල තවරගන්න ඕනෙ. මෙහෙම තවරගත්තු චීස් තීරු ටික පරිස්සමට කේක් ට්‍රේ එකකට තෙල් කඩදාසියක් දාලා ඒකෙ අතුරගන්න (කේක් ට්‍රේ එකක්ම ඕනෙ නැහැ, මොකක් හරි ට්‍රේ එකක අතුරාගන්න ෆ්‍රිජ් එකට දාන්න පුලුවන් වෙන්න). දැන් මේ ට්‍රේ එක පැයක් හෝ දෙකක් හෝ හොදට හයිය වෙනකන් අධිශීතකරණයේ දාලා තියන්න ඕනෙ. දැන්, ඉඩකඩ තියෙන තාච්චියක් ඇරන් ඒකට තෙල් දාගෙන ලිපේ තියලා රත්වෙන්න හරින්න (චීස් තීරු ටික ගැඹුරු තෙලේ බැදගන්න ප්‍රමාණවත් වෙන තරමට තෙල් දාගන්න ඕනෙ අපි). චීස් තීරු ටික තෙල්වලට දාන්න කලින් ටික ඇතිවෙන්න තෙල් රත්වෙලාද කියලා බලන්න ඕනෙ. ඒකට ඕගොල්ලොන්ට පුළුවන් පාන් කුඩු ටිකක් දාලා තෙල් රත්වෙලා ද කියලා බලාගන්න. හරි! දැන් කරන්න තියෙන්නෙ අපේ චීස් තීරු ටික රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැදගන්න එක. එහෙම බැදගත්තට පස්සෙ ඒවගෙ තෙල් මාත්තු කරගෙන, ඔයාලට පුළුවන් සෝස් ටිකක් එක්ක එහෙම කෑමට ගන්න. කාට හරි පිළිගනවනම් පොඩ්ඩක් සරසාගෙනම පිළිගන්වන්න හොදේ..

No comments:
Post a Comment