Sunday, January 26, 2025

Tomato salad තක්කාලි සලාදය

        Tomato salad  තක්කාලි සලාදය 




Tomato salad Tomato salad


Tomato salad is really a matter of taste, talking about food and drink is an honor to eat and drink! When it comes to salad, there are many salads. You can make a salad from anything that is edible. Most of the time, raw ingredients are used for salads. I am sure that there is no one who cannot make a salad. This is how to make a "tomato salad". Tomato salad is something that anyone can make quickly and easily in a way that makes a plate delicious, nutritious, and colorful.


Ingredients:


A few well-colored, unripe tomatoes. Onion Lettuce A few green chilies Salt and pepper A little lime juice This is how to make it: Wash the tomatoes, peeled onion, lettuce, and green chilies. First, place the lettuce leaves in the salad 'growing' dish in the way you like. Do not cut or chop these leaves. Its deliciousness is preserved when the leaves are full of life. It doesn't matter if you add a little salt and a little lemon juice to this. Because although this lettuce is beautiful, it doesn't taste as good as gotukola for me. . Next, cut the onion and tomato into round slices. (There is no rule that you have to cut it exactly like this: But there is something attractive in this round shape. It is inviting! An interesting salad is like an invitation to the appetite.) Now, spread the chopped onion and tomato on the lettuce in the way you like. Spread the finely chopped green chili pieces on top of it as you like. Sprinkle lemon juice, salt, and pepper powder on top of all this, taste it and serve it to the table. (Add other delicious and nutritious things you like to enrich the salad. It is worth preparing the salad in such a way that the taste, color, and texture (appearance) of each ingredient appear as it is.) 

තක්කලි සලාදයක් ඇත්තටම කෑම බීම ගැන අභිරුචියකින් කතා කිරීමම කෑමට බීමට කරන ගෞරවයක්! සලාද කිව්වම ඉතින් නොයෙක් සලාද තියනවා. කෑමට ගතහැකි ඕනෑම දෙයකින් කෑමට හැකි සලාදයක් සාදා ගතහැකියි. ගොඩක් වෙලාවට සලාද වලට යොදා ගන්නෙ අමු දේවල්. සලාදයක් හදාගන්න බැරි කෙනෙක්  නැති බව විශ්වාසයි. මේ කියන්න යන්නේ " තක්කලි සලාදයක් " සාදා ගන්නා ආකාරයයි. කෑම පිඟානක් රසවත්, ගුණවත්, වර්ණවත් කරවන ආකාරයෙන්, ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් දෙයක් තමයි තක්කලි සලාද. 

 අවශ්‍ය ද්‍රව්‍ය: 

හොඳින් වර්ණවත්, නොතැලුණු තක්කාලි ගෙඩි කීපයක්. බී ලූනු සලාද කොළ අමු මිරිස් කරල් කිහිපයක් ලුණු කුඩු ගම්මිරිස් කුඩු දෙහි යුෂ ස්වල්පයක් හදන්නෙ මෙහෙමයි තක්කාලි, පොතු ඇරගත් බී ලූනු, සලාද කොළ, අමු මිරිස් සෝදාගන්න. මුලින්ම සලාද කොළ ටික සලාදය ' වඩවන ' දීසියේ තැන්පත් කරගන්න තමන් කැමති ආකාරයකට. මේ කොළ කපන්න කොටන්න යන්නෙපා. ඒකෙ ප්‍රියමනාප බව රැකෙන්නෙ කොළ ටික ජීවී බවින් පිරී තියන විටයි. මේවට ලුණු කුඩු ටිකක්, දෙහි යුෂ ටිකක් තැවරුවට කමක් නෑ. මොකද මේ සලාද කොළ ලස්සන වුණාට ගොටුකොළ තරම් රස නෑ මටනම්. . මීළඟට බී ලූනු, තක්කලි රවුම් ආකාරයට පෙති කපාගන්න. ( මෙහෙම කීවට ඒ විදියටම කපන්න කියල නියමයක් නෑ: ඒත් මේ වෘත්තාකාර හැඩ තුළ ආකර්ශණීය බවක් තියනවා. ඒක ආරාධනාත්මකයි! සිත් ගන්නා සලාදයක් කෑම රුචියට ආරාධනයක් වගෙයි ) දැන් මේ කපාගත් බී ලූනු, තක්කාලි තමන් කැමති ආකාරයකට අර සලාද කොළ මත අතුර ගන්න. ඒ මත සිහින්ව ලියාගත් අමු මිරිස් කැබලිද තමන්ට රිසි ලෙස අතුරා ගන්න. මේ සියල්ලට උඩින් දෙහි යුෂ, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ඉස, ලුණු ඇඹුල් බලා ආහාරය සඳහා කෑම මේසයට තබන්න. ( තවත් රසවත්, ගුණවත් තමන් කැමති දේ එකතු කර සලාදය පොහොසත් කරගන්න. එක් එක් ද්‍රව්‍යයට අදාළ රසය, වර්ණය, වයනය (පෙනුම) ඒ ලෙසම දිස් වන ආකාරයට සලාදය සකස් කරගත්තොත් වටිනවා ) 

No comments:

Post a Comment