Monday, February 3, 2025

Naan - 馕

 නාන් රොටි හදමු.


Ingredients: (Makes 6 rotis)


2 cups bread flour


1/2 cup skimmed milk or yogurt


1/2 cup lukewarm water


1 packet active yeast (about 7g)


1 teaspoon sugar


1/2 teaspoon salt


1 tablespoon oil (coconut oil or vegetable oil)


A little butter or oil to grease the naan baking tray


How to make:

First, let's knead the dough (an hour in advance),


First, put the sugar in a small bowl, add the water and the yeast packet to it.


Then stir the mixture until it foams and set aside for 10 minutes until the yeast is activated.


Then, put the flour, salt, oil and yogurt in a slightly larger bowl.


Now, add the activated yeast mixture to it. 


Then knead the mixture well for a few minutes until you get a smooth dough ball.


Now finally cover it with plastic wrap or a damp cloth and let it rise in a warm place for about an hour. Here is the dough!


Now let's make the naan,


After an hour, place the dough ball (which should have increased in size) on a lightly floured table and shape it into an oblong shape.


Then divide it into 6 equal parts.


Then roll each of those parts into 6 small dough balls.


Now you need to use a rolling pin to make each of those balls thin like a roti.


Okay! Now put a buttered or oiled plate on the stove and heat it to medium.


Now all you have to do is put the naan bread on that plate and bake it for about 2 minutes on one side until bubbles appear, then turn it over and bake it for another minute. Prepare the other 5 naan rotis in the same way.


Then spread melted butter on the prepared naan rotis, sprinkle something like coriander leaves on top and serve it hot to your family.

අවශ්‍ය දේවල්: (රොටී 6ක් හදන්න)

  • පාන් පිටි කප් 2
  • මුදවාපු කිරි හෝ යෝගට් කප් 1/2
  • මඳ උණුසුම් වතුර කප් 1/2
  • ඇක්ටිව් යීස්ට් පැකට් 1 (7g පමණ)
  • සීනි තේ හැඳි 1
  • ලුණු තේ හැඳි 1/2
  • තෙල් මේස හැඳි 1 (පොල් තෙල් හෝ එළවළු තෙල්)
  • නාන් පුළුස්සාගන්නා තැටියට තැවරීමට බටර් හෝ තෙල් ස්වල්පයක්


සාදාගන්නා ආකාරය:
මුලින්ම පිටි ටික අනාගමු (පැයකට කලින්),

  • මුලින්ම කුඩා භාජනයකට සීනි දමා, එයට වතුර සහ යීස්ට් පැකට්ටුව දමන්න.
  • ඊට පස්සෙ ඒ මිශ්‍රණය කලවම් කරලා පෙණ දමා යීස්ට් සක්‍රීය වන තෙක් විනාඩි 10ක් පැත්තකින් තිබෙන්න හරින්න.
  • ඊට පස්සෙ තරමක් ලොකු භාජනයකට පිටි, ලුණු, තෙල් සහ යෝගට් දමාගන්න.
  • දැන් සක්‍රීය වූ යීස්ට් මිශ්‍රණය ඒකට එකතු කරන්න ඕනෙ.
  • ඊට පස්සෙ සුමුදු පිටි බෝලයක් ලැබෙන සේ විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍රණය අනාගන්න.
  • දැන් අන්තිමට ප්ලාස්ටික් රැප් එකකින් හෝ තෙත රෙදි කඩකින් ආවරණය කර උණුසුම් ස්ථානයක පැයක් පමණ පිපෙන්න තබන්න. ඔන්න පිටි ටික හරි!


දැන් එහෙනම් හදමු නාන් ටික,

  • පැයක් ගියාට පස්සෙ, පිටි ස්වල්පයක් අතුරා ගත් මේසයක් මත පිටි බෝලය (ප්‍රමාණයෙන් වැඩිවී තිබිය යුතුයි) තබා එය දිගටි හැඩයකට සකසා ගන්න.
  • ඊට පස්සෙ ඒක සමාන කොටස් 6 කට කඩාගන්න.
  • ඊට පස්සෙ එම කොටස් කුඩා පිටි බෝල 6ක් වන සේ බෝල කරගන්න.
  • දැන් ඒ බෝල එකිනෙක රෝලින් පින් එකක් භාවිතා කර රොටියක් වගේ තුනී කරගන්න ඕනෙ.
  • හරි! දැන් බටර් හෝ තෙල් තැවරූ තැටියක් ලිපේ තියලා මධ්‍යම ප්‍රමාණයට රත් කරගන්න.
  • දැන් කරන්න තියෙන්නෙ ඒ තැටියට නාන් රොටිය දාලා බුබුළු මතුවන තෙක් විනාඩි 2ක් පමණ එක් පැත්තක් පුළුස්සගෙන, ඊට පස්සෙ අනෙක් පැත්ත හරවලා තවත් විනාඩියක් පමණ හොඳින් පුළුස්සා ගන්න එක. මේ විදිහටම අනෙක් නාන් රොටි 5ත් පිළියෙල කරගන්න ඕනෙ.
  • ඊට පස්සෙ හදාගත්ත නාන් රොටි මතට දියවුණු බටර් අතුරා, කොත්තමල්ලි කොළ වැනි යමක් උඩින් ඉස උණු උණුවේ ගෙදර අයට පිළිගන්වන්න

No comments:

Post a Comment