Friday, February 21, 2025

Chicken bistake

 Chicken bistake 




Chicken bistake


Ingredients 


500 g chicken


One or two chili peppers


2 raw chili peppers


1 large onion


4/5 cloves of garlic / a piece of ginger (finely crushed)


1 tablespoon of chili powder (in pieces)


A piece of cinnamon stick / cardamom / 2 cloves / a clove of cumin / curry powder 


1 tablespoon of vinegar


A little turmeric


A potato cut into cubes (not necessary)


Salt to taste


Cut the meat into regular pieces. 


Add the potatoes, pepper powder, ginger, garlic, cinnamon, cloves, turmeric, vinegar, and salt to it and mix well. 


Now put the mixed meat on the stove. .  When the chicken is done cooking, put it in the pot without squeezing the water. Do not add water again. The water will boil. Keep it covered and turn the meat over and cook.


Now cut the large onion into large circles.


Cut two chili peppers into large pieces. Cut two green chili peppers into two.


Now remove the chicken from the stove and let the chicken cook a little.


Put some oil in the pot.


Add the minced meat to it and fry it for a while. 


After the meat is fried, add the ramba, curry leaves, large onion, chili peppers and stir it a little.


Now add the gravy to the meat and stir it well.


Leave the gravy for a minute or two until it is absorbed by the meat and check if there is any salt in it and remove it from the stove...


Chicken bistake 




චිකන් බිස්ටේක්


අවශ්‍ය දේවල් 


කුකුල් මස් 500 g


මාලුමිරිස් කරල් එකක් හෝ දෙකක්


අමු මිරිස් කරල් 2


ලොකු ළූණු ගෙඩි 1


සුදු ළූණු බික් 4/5 ක් /ඉඟුරු කෑල්ලක් (   හොඳින් තලාගත්)


ගම්මිරිස් කුඩු මේස හැඳි 1 (කෑලි පිටින්)


කුරුඳුපොතු කෑල්ලක් / කරඳමුංගු / කරාබුනැටි 2 / රම්පා කැල්ලක් / කරපිංචා 


විනාකිරි මේස හැඳි 1


කහ ස්වල්පයක්


පොඩ්යට කපාගත් අල ගෙඩියක් (අවශ්‍යම නැහැ)


රස අනුව ලුණු


 මස් සාමාන්‍ය කෑලි වලට කපාගන්න. 


 ඒකට අල,  ගම්මිරිස් කුඩු , ඉඟුරු සුදුළූණු, කුරුඳු , කරබුනැටි , කහ ,  විනාකිරි, ලුණු සියල්ල දමා හොඳින් කලවම් කර ගන්න. 


 දැන් කලවම් කරගත්  මස් ටික ලිපේ තියන්න. . චිකන් එක හොදලා ඉවර වෙනකොට වතුර මිරිකන්නේ නැතුව භාජනයට  දාන්න.ආයෙත් වතුර දාන්න එපා. වතුර උනනවා.වහලා තියන්න සැරින් සැරේ බලලා මස් ටික පෙරලලා තම්බගන්න.


 දැන් ලොකු ළූණු රවුමට ලොකුවට කපන්න.


 මාලු මිරිස් කරල් දෙකක් ලොකුවට කපාගන්න. අමුමිරිස් කරල් දෙකක් දෙකට කපා ගනන.


 දැන් චිකන් එකේ ඉස්ම පොඩ්ඩක් වෙන්න තියලා  ලිපෙන් අයින් කරගන්න.


 භාජනයට තෙල් ටිකක් දාන්න.


 ඒකට තමබාගත් මස් ටික දමා ටිකක් බැදගන්න. 


 මස් ටික බැදුනුපසු  ඒකට රම්පා, කරපිංචා ලොකුළූණු මාලුමිරිස් දමා  ටිකක් කලවම් කරගන්න.


 දැන් ඒකට අයින් කරගත් මස් එකේ ඉස්ම ට්ක (gravy) මස් එකට දමාගෙන හොඳින් කලවම් කරගන්න.


 Gravy එක මස් වලට අල්ලගන්නකම්  විනාඩියක් දෙකක් තියලා ලුණු ඇතිද කියලා බලලා ලිපෙන් බාගන්න...

No comments:

Post a Comment