Sunday, February 23, 2025

Mexican Quesadilla

 Mexican Quesadilla





Ingredients:


4 tortillas


200g chicken (fried and shredded)


1/2 cup bell peppers (chopped)


1 onion (chopped)


1 tomato (peeled and chopped)


1 cup lettuce (chopped)


1 cup mozzarella cheese (chopped)


1/4 cup butter


A pinch of salt and pepper


How to make:

First, let's make the filling.


Heat a saucepan and add the butter and let it melt.


Add the onion, bell peppers, a pinch of salt and pepper and sauté for about a minute, stirring well with a spoon.


 Once it is well heated, remove from the heat and put the mixture in a bowl.


Add the chicken, tomatoes, and lettuce to it and mix well. That's it!


Now let's make the quesadillas.


Heat a saucepan and add the butter and let it melt.


Place a previously made tortilla on it.


Put the filling you made on one side, spread the mozzarella cheese on top, and fold it in half.


Once one side is well heated, add the other side and heat it.


Make the other 3 quesadillas in the same way.


Cut the quesadillas in half and serve them hot. You can eat this delicious quesadilla as is or with a sauce of your choice, such as tomato sauce or chili sauce.


Mexican Quesadilla - මෙක්සිකන් කැසඩීයා





අවශ්‍ය දේවල්:


ටෝටීයා 4


චිකන් 200g (බැදගෙන කුඩාවට ඉරාගත්)


බෙල් පෙපර්ස් කප් 1/2 (පොඩියට කපාගත්)


ලූනු ගෙඩි 1 (පොඩියට කපාගත්)


තක්කාලි ගෙඩි 1 (ඇට ඉවත් කර පොඩියට කපාගත්)


සලාද කොළ කප් 1 (පොඩියට කපාගත්)


මොසරැල්ලා චීස් කප් 1 (පොඩියට කපාගත්)


බටර් කප් 1/4


ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක්



සාදාගන්නා ආකාරය:

මුලින්ම අපි එහෙනම් පිරවුම හදමු.


සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න.


එයට ලූනු, බෙල් පෙපර්ස්, ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් එකතු කර හැන්දෙන් හොඳින් එහා මෙහා කරමින් විනාඩියක් පමණ තෙම්පරාදු කරගන්න.


හොඳින් තෙම්පරාදු වුණු පසු ලිපෙන් ඉවත් කර මිශ්‍රණය බෝල් එකකට දමා ගන්න.


චිකන්, තක්කාලි, සලාද කොළ සියල්ල එයට එකතු කර හොඳින් කළවම් කරගන්න. ඔච්චරයි!


දැන් එහෙනම් කැසඩීයා හදමු.


සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න.


කලින් සාදාගත් ටෝටීයා එකක් එය මතට දමන්න.


එහි පැත්තකට සාදාගත් පිරවුම දමා උඩින් මොසරැල්ලා චීස් හොඳින් අතුරා දෙකට නවන්න.


එක් පැත්තක් හොඳින් රත් වුණු පසු අනෙක් පැත්ත දමා රත් කරගන්න.


මෙලෙසම අනෙක් කැසඩීයා 3ත් හදාගන්න.


සාදාගත් කැසඩීයා දෙකට කපා උණු උණුවේ පිළිගන්වන්න. මේ රසවත් කැසඩීයා, ඔබට එලෙසම හෝ තක්කාලි සෝස්, චිලී සෝස් වැනි ඔබ කැමති සෝස් වර්ගයක් සමඟ හෝ ඔබට ආහාරයට ගන්න පුළුවන්.

No comments:

Post a Comment