Sunday, February 9, 2025

नारियल आइसक्रीम  Coconut ice cream

 Coconut Ice cream 





Ingredients: 


Coconut milk, 


390 grams of condensed milk, 


4 cups of hot water, 


3 teaspoons of gelatin, 


1 teaspoon of vanilla, and 


1 cup of sugar. 


You can also add cashews and almonds if you like. 


First, take a bowl and mix the coconut milk and the canned milk together. Set the mixture aside. Now, in a separate small bowl, mix the gelatin, sugar, and lukewarm water together and dissolve them. Now, add this mixture to the previously prepared coconut milk mixture and mix well. Place this in a slightly larger bowl and refrigerate for four hours. After four hours, take it out and beat it well with a beater until the mixture triples in size. Add a little vanilla to it. Then, refrigerate and let it cool. If desired, you can also add a little desiccated coconut to this. This will add crunch to the coconut and enhance the flavor.


පොල් අයිස් ක්‍රීම් 



අවශ්‍ය ද්‍රව්‍ය 

පොල් ගෙඩියක කිරි,
ග්‍රෑම් 390ක උකු ටින් කිරි,
උණු වතුර කෝප්ප 4ක්,
ජෙලටින් තේ හැඳි 3ක්,
වැනිලා තේ හැන්දක් සහ සීනි කෝප්පයක් අවශ්‍යයි.

කැමැතිනම් කජු, ආමන්ඩ් ද එකතු කළ හැකිය.

පළමුව භාජනයක් ගෙන පොල් කිරි සහ ටින් කිරි එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණය පසෙකින් තබන්න. දැන් වෙනම කුඩා භාජනයකට ජෙලටින්, සිනී සහ මඳ රස්නය සහිත වතුර එක හොඳින් මිශ්‍රකරමින් දියකර ගන්න. දැන් මෙම මිශ්‍රණය, පෙර සකසාගත් පොල් කිරි මිශ්‍රණයට එකතුකර හොඳින් කලවම්කර ගන්න. මෙය තරමක් ලොකු භාජනයකට දමා ශීතකරණයේ පැය හතරක කාලයක් තබන්න. පැය හතරකින් පසු මෙය ඉවතට ගෙන මෙම මිශ්‍රණයේ ප්‍රමාණය තුන් ගුණයක් පමණ එන සේ බීටරයකින් හොඳින් ගසා ගන්න. ඊට වැනිලා ස්වල්පයක් එකතු කරන්න. ඉන්පසු ශීතකරණයේ තබා මිදෙන්න හරින්න. අවශ්‍ය නම් මෙයට ඩෙසිකේටඩ් කොකනට් ස්වල්පයක් ද එකතුකර ගත හැකියි. එවිට පොල් හැපෙන නිසා රසයෙන් ද වැඩි වේවි.

No comments:

Post a Comment