Sunday, February 9, 2025

Noodle salad 麵條沙拉  Insalata di pasta  नूडल सलाद 

 නුඩ්ල්ස් සැලඩ් 



Ingredients:

500 grams noodles

1/4 cup finely chopped leeks

2 carrots, thinly sliced

1 zucchini, thinly sliced (not essential. If you can find it, use it.)

1/4 cup tomato sauce

3 1/2 tablespoons soy sauce

1 red bell pepper, thinly sliced (remove seeds and chop)

3 ½ tablespoons sesame oil

1 teaspoon chili powder

2 tablespoons brown sugar

1 tablespoon sesame seeds (toss in a pan for a bit)

A pinch of salt

1 1/2 tablespoons lime juice

How to make:

First, you need to boil the noodles. Here's how to do it. Take a large pot and add water to it. Add a pinch of salt. Now increase the heat and bring the water to a boil. When the water boils, add the noodles. Then, stirring occasionally, boil the noodles. It will take about 5 minutes to boil. If you boil it too much, it will not work. Then the noodles will become mushy. That is, if you boil it too much, the noodles will stick together. So, you need to watch it carefully and boil it.

After boiling, drain the water from the noodles well.

Then, rinse the noodles with cold water for about two more minutes. Now the hard work is over.

Next, take a slightly larger bowl and add sugar, tomato sauce, sesame oil, soy sauce, salt, and lime juice to it and stir until the sugar dissolves.

Now, add leeks, carrots, zucchini, bell pepper, sesame seeds, and chili flakes to the noodles and stir. Don't stir too much.

 Refrigerate this for about two hours before eating. That's it! Now all the work is done. That's how you make noodle salad.

අවශ්‍ය දේවල්:


නූඩ්ල්ස් ග්‍රෑම් 500

පොඩියට කපාගත් ලීක්ස් කෝප්ප 1/4

සිහින් තීරු ලෙස කපාගත් කැරට් අල 2

තීරු ලෙස කපාගත් සුකිනි ගෙඩි 1 (අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට හොයා ගන්න පුළුවන් වුනොත් ගන්න.)

තක්කාලි සෝස් කෝප්ප 1/4

සෝයා සොස් මේස හැදි 3 1/2

තීරු ලෙස කපාගත් රතු බෙල් පෙපර් 1(ඇට අයින් කරලා කපාගන්න)

තල තෙල් මේස හැදි 3 ½

කෑලි මිරිස් තේ හැදි 1

දුඹුරු සීනි මේස හැදි 2

තල ඇට මේස හැදි 1 (පෑන් එකක් දාලා ටිකක් බැදගන්න )

ලුණු පොඩ්ඩක්

දෙහි යුෂ මේස හැදි 1 1/2


සාදාගන්නා ආකාරය:

මුලින්ම කරන්න තියෙන්න නූඩ්ල්ස් ටික තම්බගන්න එක. ඒක කරන්නෙ මෙහෙමයි. ටිකක් ලොකු භාජනයක් අරන් ඒකට වතුර දාන්න. ලුණු චුට්ටකුත් දාන්න. දැන් ගින්දර වැඩි කරලා වතුර ටික හොදට උතුරවගන්න. වතුර උතුරනකොට ඒකට නූඩ්ල්ස් ටික දාන්න. ඊට පස්සෙ සැරින් සැරේ හැදි ගගා නූඩ්ල්ස් ටික තම්බගන්න. මේක තැම්බෙන්න විනාඩි 5ක් විතර යනවා. වැඩිය තැබ්බුනොත් වැඩේ හරියන්නෑ. එතකොට නූඩ්ල්ස් ටික බෙරි වෙනවා. ඒ කියන්නෙ වැඩිය තැම්බුනොත් නූඩ්ල්ස් ටික එකට ඇලෙනවා. ඒ නිසා හරියට බලලා තම්බගන්න ඕනෙ.

තැම්බුනාට පස්සෙ නූඩ්ල්ස් වලින් වතුර ටික හොදට පෙරා ගන්න.

ඊට පස්සෙ තව දෙසරයක් විතර ඇල් වතුරෙන් නූඩ්ල්ස් ටික සෝදන්න. දැන් අමාරු වැඩේ ඉවරයි.

ඊළගට ටිකක් ලොකු භාජනයක් අරගෙන ඒකට සීනි, තක්කාලි සෝස්, තල තෙල්, සෝයා සෝස්, ලුණු, දෙහි සේරම දාලා සීනි ටික දියවෙනකම් කලවම් කරන්න.

දැන් නූඩ්ල්ස් ටිකත් එක්ක ලීක්ස්, කැරට්, සුකිනි, බෙල් පෙපර්, තල ඇට, කෑලි මිරිස් දාලා කලවම් කරන්න. ගොඩක් කලවම් කරන්න යන්නත් එපා.

මේක කෑමට ගන්න කලින් පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්න. එච්චරයි! දැන් වැඩ ඔක්කොම ඉවරයි. ඔන්න ඔහොමයි නූඩ්ල්ස් සැලඩ් හදන්නේ.



No comments:

Post a Comment