Wednesday, February 12, 2025

Fried Crispy Mushrooms(ක්‍රිස්පි බිම්මල්)


Fried Crispy Mushrooms



Ingredients


01 packet of regular mushrooms

01 cup of chickpea flour

1/2 cup of bread flour

02 tablespoons of cornflour

1/2 teaspoon of chili powder

1/4 teaspoon of chili powder

1/4 teaspoon of turmeric

Salt to taste


For the batter


02 eggs

1/2 teaspoon of chili powder

1/4 teaspoon each of oregano, paprika and thyme

01 tablespoon of cornflour

1/4 cup of fresh milk

Salt to taste


Method of preparation


Cut the mushrooms into strips and soak them in salted water for five minutes.  Squeeze and set aside.


Break the two eggs and add them to the milk. Add salt, pepper, cornflour and herbs to make the batter.


Now add the chickpea flour, breadcrumbs, cornflour, chilli, pepper, turmeric powder and salt and mix.


Dip the sliced ​​mushrooms in the batter, coat them in the flour mixture and deep fry them in oil.


Fry them on both sides until golden brown, then let the oil drain and enjoy.



Fried Crispy Mushrooms(ක්‍රිස්පි බිම්මල්)




අවශ්‍ය දේවල්

සාමාන්‍ය බිම්මල් පැකට් 01
කඩල පිටි අඬුකෝප්ප 01
පාන් පිටි අඬුකෝප්ප 1/2
කෝන්ෆ්ලා මේස හැඳි 02
මිරිස් කුඩු තේහැඳි 1/2
ගම්මිරිස් කුඩු තේහැඳි 1/4
කහකුඩු තේහැඳි 1/4
රස අනුව ලුණු

බැටර් එක සඳහා

බිත්තර 02
ගම්මිරිස් කුඩු තේහැඳි 1/2
ඔරිගානෝ සහ පැප්රිකා සහ තයිම් තේහැඳි 1/4 බැගින්
කෝන්ෆ්ලා මේස හැදි 01
ෆ්‍රෙෂ් මිල්ක් අඬුකෝප්ප 1/4
රස අනුව ලුණු

සාදන ක්‍රමය

බිම්මල් ටික තීරු වලට කඩා ලුණු මිශ්‍ර වතුරෙහි විනාඩි පහක් තබා වතුර මිරිකා පැත්තකින් තබන්න.

බිත්තර දෙක කඩා කිරි වලට එකතු කර ලුණු, ගම්මිරිස්, කෝන්ෆ්ලා සහ හර්බ්ස් ටික එකතු කර බැටර් එක හදාගන්න..

දැන් කඩල පිටි, පාන්පිටි, කෝන්ෆ්ලා, මිරිස්, ගම්මිරිස් , කහකුඩු සහ ලුණු කුඩු එකතු කර මික්ස් කර ගන්න..

තීරු කඩා ගත් බිම්මල් බැටර් එකේ පොඟවා පිටි මිශ්‍රණයේ තවරා ගැඹුරු තෙලේ බැද ගන්න.

දෙපැත්ත දමා රන්වන් පාට වූ පසු තෙල් බේරෙන්නට තබා උණු උණුවෙම රස බලන්න

No comments:

Post a Comment