Sausage Devil
Ingredients
400 grams of chopped sausage
1 onion, sliced into rounds
1 cup of tomato ketchup
2 chopped chili peppers
2 tomatoes, sliced into rounds
1 teaspoon of chopped ginger and garlic
2 tablespoons of soy sauce
Salt and pepper
A little oil
1/2 teaspoon of turmeric
1/2 teaspoon of chili powder
1 teaspoon of black pepper
1 tablespoon of cornflakes
Add a little oil to the pan and fry the sausages. When they are well fried, remove them and add the chopped ginger and garlic.
Meanwhile, add soy sauce, a little tomato sauce, chili powder, turmeric powder, and a little pepper powder to the cornflakes and stir. Add a little water to this and make a sauce.
When the ginger and garlic are well fried, add the onion and fish chili. Add salt to taste and add the crushed peppercorns.
Next, add the prepared sauce and stir. If desired, add a little more water and stir and add the tomatoes. Finally, add the sausages and stir and remove from the stove.
සෝසේජස් ඩෙවල්
අවශ්‍ය ද්‍රව්‍ය
කපාගත් සොසේජස් ග්‍රෑම් 400
රවුමට ලියාගත් ළූණු ගෙඩි 1
තක්කාලි කෙචප් කෝප්ප 1
කපාගත් මාළුමිරිස් කරල් 2
රවුමට කපාගත් තක්කාලි ගෙඩි 2
චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 1
සෝයාසෝස් මේස හැඳි 2
ලුණු හා ගම්මිරිස්කුඩු
තෙල් ටිකක්
කහකුඩු තේ හැඳි 1/2
මිරිස්කුඩු තේ හැඳි 1/2
කෑලිමිරිස් තේ හැඳි 1
කෝන්ෆ්ලා මේස හැඳි 1
පෑන් එකට තෙල් ටිකක් දාලා සොසෙජ් ටික බැදගන්න. හොඳට බැදුණම ඒ ටික අයින් කරලා චොප් කරගත් ඉඟුරු සුදුළූණු ටික දාගන්න.
ඒ අතරෙ කෝන්ෆ්ලා වලට සෝයාසෝස්, තක්කාලි සෝස් ටිකක්, මිරිස්කුඩු හා කහකුඩු, ගම්මිරිස්කුඩු චුට්ටක් දාලා කලවම් කරගන්න. මේකට වතුර චුට්ටක් දාලා සෝස් එකක් හදාගන්න.
ඉඟුරු සුදුළූණු හොඳට ෆ්‍රයි වෙලා නම් ළූණු හා මාළු මිරිස් ටික දාගන්න. ටිකකින් රස අනුව ලුණු දාලා කෑලිමිරිස් එකතු කරගන්න.
ඊළඟට හදාගත් සෝස් එක දාලා කලවම් කරගන්න. කැමති නම් තව වතුර ටිකක් දාල කලවම් කරලා තක්කාලි ටික එකතු කරගන්න. අන්තිමට සොසේජස් ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න


No comments:
Post a Comment