Sunday, March 2, 2025

Baked Eggs with Potatoes, Mushrooms & Cheese -

Baked Eggs with Potatoes, Mushrooms & Cheese - 




 **Ingredients:**

- 3 potatoes (peeled and cubed)

- 1 tablespoon of oil

- 600 grams of minced meat (cut into small pieces)

- 2 cloves of garlic (finely chopped)

- 2 tablespoons of chopped coriander leaves

- 140 grams of grated cheddar cheese

- 4 eggs


**Instructions:**

1. **Preheat the Oven:** Start by preheating your oven to 180°C. This allows the oven to reach the desired temperature while you prepare the other ingredients.


2. **Boil the Potatoes:** Place the cubed potatoes in a pot with some water and let them boil for about 5 minutes. After boiling, drain the water.


3. **Cook the Mixture:** In a pan, heat the oil and add the boiled potatoes, minced meat, and chopped garlic. Cook this mixture for about 5-8 minutes until the potatoes turn slightly brown and the meat is tender. Be careful not to overcook it.


4. **Add Coriander Leaves:** After the mixture is cooked, add the chopped coriander leaves and let it cook for another minute.


5. **Prepare the Baking Dish:** Take a baking dish and spread the potato and meat mixture evenly across the bottom. Do not press it down too much.


6. **Add Cheese:** Sprinkle the grated cheddar cheese on top of the mixture.


7. **Add More Coriander Leaves:** Take the remaining coriander leaves and sprinkle them over the cheese.


8. **Add Eggs:** Make four small wells in the mixture and crack an egg into each well. Use a spoon to gently mix the eggs into the mixture if needed.


9. **Bake:** Place the dish in the preheated oven and bake for about 12-15 minutes, or until the eggs are set and the cheese is melted and bubbly.


10. **Serve:** Once baked, remove from the oven and let it cool slightly before serving.

Enjoy your meal!


අල, බිම්මල්, චීස් සමග බේක් කළ බිත්තර




අල ගෙඩි 3 (පොතු ඇරලා කොටු විදියට කපා ගන්න)

තෙල් මේස හැදි 1

බිම්මල් ග්‍රෑම් 600 (පොඩි කෑලි වලට කඩා ගන්න)

පොඩියට කපාගත්ත සුදු ළුෑණු බික් 2

කපාගත්ත කොත්තමල්ලි කොළ මේස හැදි 2

හීනියට ගාගත්ත(Grated) චෙඩාර් චීස් ග්‍රෑම් 140

බිත්තර 4


සාදාගන්නා ආකාරය:

මුලින්ම වැඩ පටන් ගන්න කලින් අවන් අවන් එක රත්කර ගන්න ඕනෙ. 180°C ට අවන් එක රත් වෙන්න දාලා අපේ අනිත් වැඩ ටික කරන්න පටන් ගමු. මෙහෙම අවන් එක කලින්ම රත් වෙන්න දාගන්න එකට කියන්නෙ "අවන් එක ප්‍රී හීට් වෙන්න තියනවා" කියලා.

දැන් අපි මුලින්ම අපි අල ටික තම්බගමු. භාජනයකට වතුර ටිකක් දාලා අල ටික තැම්බෙන්න තියන්න. විනාඩි 5කින් විතර මේ විදියට අල ටික තම්බගන්න පුළුවන්.

අල ටික තම්බගත්තට පස්සෙ එකේ වතුර ටික පෙරාගන්න.

දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තම්බපු අල ටිකයි බිම්මල් ටිකයි සුදු ළුෑණුයි දාලා උයාගන්න ඕනෙ. මේකෙදි අපිට වෙන්න ඕනෙ අල ටික ටිකක් දුඹුරු පාට වෙන්නයි බිම්මල් ටික මෘදු කරගන්න එකයි. ඒ නිසා මහ ගොඩාක් වෙලා ලිපේ තියාගන්න ඕන වෙන්නෙ නැහැ. විනාඩි 5-8ක් වගේ ලිපේ තිබ්බහම ඇති.

ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටිකකුත් ඒකට එකතු කර ගෙන තව විනාඩියක් විතර ලිපේ තියා ගන්න.

දැන් අවන් එකට දාන්න පුළුවන් තැටියක් අරගෙන මේ අල මිශ්‍රණය ඒකට දාලා තුනී කරගන්න. ගොඩක් තුනී කරන්න යන්න එපා.

ඊට පස්සේ ඒක උඩින් චීස් ටිකත් දාගන්න.

ඊළගට ඉතුරු කොත්තමල්ලි කොළ ටික අරගෙන ඒක උඩින් ඉහ ගන්න.

තව අපිට ඉතුරු වෙල තියෙන්නෙ බිත්තර විතරනේ. දැන් අර මිශ්‍රණයේ තැන් 4ක පොඩි වළවල් වගේ හදාගෙන බිත්තර එක ගානෙ කඩලා ඒවා උඩින් දාගන්න. වළවල් හදනවා කීවම බය වෙන්න එපා. හැන්දකින් මිශ්‍රණය එහාට මෙහාට කරල ගන්න එතකොට හරි.

දැන් රත්වෙන්න තියලා තිබුනු අවන් එකට මේක දාගෙන විනාඩි 12-15ක් විතර බේක් කරගන්න. ඒ කියන්නේ බිත්තර ටික බැදෙන්නත් ඕනෙ චීස් ටික ගානට දිය වෙන්නත් ඕනෙ.

එච්චරයි! ඊට පස්සෙ කන්න තමයි තියෙන්නෙ ඉතින්.


Wednesday, February 26, 2025

Eggplant Devil


Eggplant Devil 




Ingredients 


 2 long eggplants


1 onion 


1 tomato 


A few chili peppers 


1 egg


A little oil


2 tablespoons of soy sauce


A little tomato sauce


A few chili flakes 


Ginger-garlic paste 


2 teaspoons of sugar


A few finely chopped carrots


A little salt 


 Cut the eggplant into fairly thick slices. Add a little salt to the egg and beat well. Dip the eggplant slices in the egg and deep fry in oil. 


Put a pot on the stove and add a little oil to it and add the ginger-garlic paste. Now add soy sauce, tomato sauce, sugar and salt to it. Finally, add the carrots, salt, tomatoes, green chilies and betel leaves, add some chili flakes, stir and remove from the stove. 

වම්බටු ඩෙවල් 



අවශ්‍ය ද්‍රව්‍ය 


 දිගටි වම්බටු කරල් 2


ළූණු ගෙඩියක් 


තක්කාලි ගෙඩියක් 


අමුමිරිස් කරල් කිහිපයක් 


බිත්තර 1


තෙල් ටිකක්


සෝයා සෝස් මේස හැඳි 2


තක්කාලි සෝස් ටිකක්


කෑලි මිරිස් 


ඉඟුරු සුදුළූණු පේස්ට් 


සීනි තේ හැඳි 2


පොඩියට කපාගත් කැරට් ටිකක්


ලුණු කුඩු ටිකක් 


 වම්බටු තරමක් ඝණකමට පෙති කපා ගන්න. බිත්තරයට ලුණු ටිකක් දාලා හොඳින් ගසා ගන්න. වම්බටු පෙති බිත්තර වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න. 


භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාන්න. දැන් ඒකට සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි හා ලුණු කුඩු එක් කරන්න. අවසානයේ කැරට්, ලුණු, තක්කාලි, අමුමිරිස් හා බටු එක් කර කෑලි මිරිස් ටිකක් 

එක් කර කලවම් කර ලිපෙන් බාගන්න. 



Sunday, February 23, 2025

Mexican Quesadilla

 Mexican Quesadilla





Ingredients:


4 tortillas


200g chicken (fried and shredded)


1/2 cup bell peppers (chopped)


1 onion (chopped)


1 tomato (peeled and chopped)


1 cup lettuce (chopped)


1 cup mozzarella cheese (chopped)


1/4 cup butter


A pinch of salt and pepper


How to make:

First, let's make the filling.


Heat a saucepan and add the butter and let it melt.


Add the onion, bell peppers, a pinch of salt and pepper and sauté for about a minute, stirring well with a spoon.


 Once it is well heated, remove from the heat and put the mixture in a bowl.


Add the chicken, tomatoes, and lettuce to it and mix well. That's it!


Now let's make the quesadillas.


Heat a saucepan and add the butter and let it melt.


Place a previously made tortilla on it.


Put the filling you made on one side, spread the mozzarella cheese on top, and fold it in half.


Once one side is well heated, add the other side and heat it.


Make the other 3 quesadillas in the same way.


Cut the quesadillas in half and serve them hot. You can eat this delicious quesadilla as is or with a sauce of your choice, such as tomato sauce or chili sauce.


Mexican Quesadilla - මෙක්සිකන් කැසඩීයා





අවශ්‍ය දේවල්:


ටෝටීයා 4


චිකන් 200g (බැදගෙන කුඩාවට ඉරාගත්)


බෙල් පෙපර්ස් කප් 1/2 (පොඩියට කපාගත්)


ලූනු ගෙඩි 1 (පොඩියට කපාගත්)


තක්කාලි ගෙඩි 1 (ඇට ඉවත් කර පොඩියට කපාගත්)


සලාද කොළ කප් 1 (පොඩියට කපාගත්)


මොසරැල්ලා චීස් කප් 1 (පොඩියට කපාගත්)


බටර් කප් 1/4


ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක්



සාදාගන්නා ආකාරය:

මුලින්ම අපි එහෙනම් පිරවුම හදමු.


සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න.


එයට ලූනු, බෙල් පෙපර්ස්, ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් එකතු කර හැන්දෙන් හොඳින් එහා මෙහා කරමින් විනාඩියක් පමණ තෙම්පරාදු කරගන්න.


හොඳින් තෙම්පරාදු වුණු පසු ලිපෙන් ඉවත් කර මිශ්‍රණය බෝල් එකකට දමා ගන්න.


චිකන්, තක්කාලි, සලාද කොළ සියල්ල එයට එකතු කර හොඳින් කළවම් කරගන්න. ඔච්චරයි!


දැන් එහෙනම් කැසඩීයා හදමු.


සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න.


කලින් සාදාගත් ටෝටීයා එකක් එය මතට දමන්න.


එහි පැත්තකට සාදාගත් පිරවුම දමා උඩින් මොසරැල්ලා චීස් හොඳින් අතුරා දෙකට නවන්න.


එක් පැත්තක් හොඳින් රත් වුණු පසු අනෙක් පැත්ත දමා රත් කරගන්න.


මෙලෙසම අනෙක් කැසඩීයා 3ත් හදාගන්න.


සාදාගත් කැසඩීයා දෙකට කපා උණු උණුවේ පිළිගන්වන්න. මේ රසවත් කැසඩීයා, ඔබට එලෙසම හෝ තක්කාලි සෝස්, චිලී සෝස් වැනි ඔබ කැමති සෝස් වර්ගයක් සමඟ හෝ ඔබට ආහාරයට ගන්න පුළුවන්.

Friday, February 21, 2025

Chicken bistake

 Chicken bistake 




Chicken bistake


Ingredients 


500 g chicken


One or two chili peppers


2 raw chili peppers


1 large onion


4/5 cloves of garlic / a piece of ginger (finely crushed)


1 tablespoon of chili powder (in pieces)


A piece of cinnamon stick / cardamom / 2 cloves / a clove of cumin / curry powder 


1 tablespoon of vinegar


A little turmeric


A potato cut into cubes (not necessary)


Salt to taste


Cut the meat into regular pieces. 


Add the potatoes, pepper powder, ginger, garlic, cinnamon, cloves, turmeric, vinegar, and salt to it and mix well. 


Now put the mixed meat on the stove. .  When the chicken is done cooking, put it in the pot without squeezing the water. Do not add water again. The water will boil. Keep it covered and turn the meat over and cook.


Now cut the large onion into large circles.


Cut two chili peppers into large pieces. Cut two green chili peppers into two.


Now remove the chicken from the stove and let the chicken cook a little.


Put some oil in the pot.


Add the minced meat to it and fry it for a while. 


After the meat is fried, add the ramba, curry leaves, large onion, chili peppers and stir it a little.


Now add the gravy to the meat and stir it well.


Leave the gravy for a minute or two until it is absorbed by the meat and check if there is any salt in it and remove it from the stove...


Chicken bistake 




චිකන් බිස්ටේක්


අවශ්‍ය දේවල් 


කුකුල් මස් 500 g


මාලුමිරිස් කරල් එකක් හෝ දෙකක්


අමු මිරිස් කරල් 2


ලොකු ළූණු ගෙඩි 1


සුදු ළූණු බික් 4/5 ක් /ඉඟුරු කෑල්ලක් (   හොඳින් තලාගත්)


ගම්මිරිස් කුඩු මේස හැඳි 1 (කෑලි පිටින්)


කුරුඳුපොතු කෑල්ලක් / කරඳමුංගු / කරාබුනැටි 2 / රම්පා කැල්ලක් / කරපිංචා 


විනාකිරි මේස හැඳි 1


කහ ස්වල්පයක්


පොඩ්යට කපාගත් අල ගෙඩියක් (අවශ්‍යම නැහැ)


රස අනුව ලුණු


 මස් සාමාන්‍ය කෑලි වලට කපාගන්න. 


 ඒකට අල,  ගම්මිරිස් කුඩු , ඉඟුරු සුදුළූණු, කුරුඳු , කරබුනැටි , කහ ,  විනාකිරි, ලුණු සියල්ල දමා හොඳින් කලවම් කර ගන්න. 


 දැන් කලවම් කරගත්  මස් ටික ලිපේ තියන්න. . චිකන් එක හොදලා ඉවර වෙනකොට වතුර මිරිකන්නේ නැතුව භාජනයට  දාන්න.ආයෙත් වතුර දාන්න එපා. වතුර උනනවා.වහලා තියන්න සැරින් සැරේ බලලා මස් ටික පෙරලලා තම්බගන්න.


 දැන් ලොකු ළූණු රවුමට ලොකුවට කපන්න.


 මාලු මිරිස් කරල් දෙකක් ලොකුවට කපාගන්න. අමුමිරිස් කරල් දෙකක් දෙකට කපා ගනන.


 දැන් චිකන් එකේ ඉස්ම පොඩ්ඩක් වෙන්න තියලා  ලිපෙන් අයින් කරගන්න.


 භාජනයට තෙල් ටිකක් දාන්න.


 ඒකට තමබාගත් මස් ටික දමා ටිකක් බැදගන්න. 


 මස් ටික බැදුනුපසු  ඒකට රම්පා, කරපිංචා ලොකුළූණු මාලුමිරිස් දමා  ටිකක් කලවම් කරගන්න.


 දැන් ඒකට අයින් කරගත් මස් එකේ ඉස්ම ට්ක (gravy) මස් එකට දමාගෙන හොඳින් කලවම් කරගන්න.


 Gravy එක මස් වලට අල්ලගන්නකම්  විනාඩියක් දෙකක් තියලා ලුණු ඇතිද කියලා බලලා ලිපෙන් බාගන්න...

Wednesday, February 19, 2025

Chicken Soup

 Chicken Soup 🍗🍲




Ingredients;

250g chicken

1 potato

1 carrot

100g cabbage

3 cloves garlic

1 clove ginger

5 red onion stalks

A few green onions

2 tablespoons lentils

1 tablespoon butter

1 teaspoon pepper powder

Salt to taste

2 tablespoons lemon juice

1.5 cups water

Add cornstarch if you want.


How to make;


First, cut the cleaned chicken into pieces (you can take chicken with or without bones). Add salt and pepper, turmeric, coriander, and lime juice to the cut chicken and mix.


Cut the potatoes, carrots, and cabbage into the required size.  Chop the garlic, ginger, and red onion into small pieces.


Now heat a pan, add 1 tablespoon of butter, add the chicken and let it simmer. After a while, add the chopped garlic, ginger, and red onion and let it simmer again.


Then add the chopped potatoes and carrots, stir, and let it simmer for about 3 minutes. Add 1.1/2 cups of water and lentils and let it simmer.


When the soup is boiling, add the cabbage and 1 egg and let it simmer for a while.


At this point, check the consistency of the soup, add less salt, add the beef juice, and remove from the stove.


 Now, while it's still hot, cut 2 squares of toasted brown bread to taste.

It's great for those who want to have a light meal at night, as well as for those who have a cold or flu.


චිකන් සුප් 🍗🍲





අවශ්‍ය ද්‍රවය;

කුකුල්මස් 250g

අල ගොඩි 1

කැරට් අල 1

ගෝවා 100g

සුදුලුනු බික් 3ක්

ඉගුරු කැල්ලක්

රතුලුනු ගොඩි 5

ලුනුකොළ ටිකක්

පරිප්පු මේසහැදි 2

බටර් මේසහැදි 1

ගම්මිරිස් කුඩු තේහැදි 1

ලුණු රස අනුව

දෙහි යුෂ මේසහැදි 2

වතුර කොප්ප 1, 1/2

ඔයාට අවශ්‍ය නම් කොන් පිටි එකතුකර ගන්න.


සාදන ආකාරය;


මුලින්ම පිරිසිදු කරගත් කුකුල්මස් කැලි කපාගන්න( කටු සහිත හෝ කටු රහිත කුකුල්මස් ගන්න පුලුවන් ) කපාගත් කුකුල්මස් වලට ලුණු සහ ගම්මිරිස්, කහ , තුනපහ, දෙහි යුෂ දමා කලවම් කර තබාගන්න.


අල, සහ කැරට්, ගෝවා කැලි අවශ්‍ය පමන ප්‍රමාණයට කපාගන්න. සුදුලුනු,ඉගුරු, රතුලුනු හිනියට කපාගන්න.


දැන් පෑන් එකක් ලිප තබා එයට බටර් මේසහැදි 1ක් දලා කුකුල්මස් ටික එකතුකර තෙම්පරාදු වෙන්න දෙන්න. ටික වේලාවකට පසු කපාගත් සුදුලුනු,ඉගුරු, රතුලුනු ටික දලා නැවතත් තෙම්පරාදුවෙන්න හරින්න.


පසුව කපාගත් අල සහ කැරට් එකතුකර කලවම් කර විනාඩි 3ක් විතර තෙම්පරාදුවෙන්න හැර වතුර කොප්ප 1,1/2 සහ පරිප්පු දලා තැම්බෙන්න හරින්න.

සුප් එක තැම්බිගෙන එන විට ගෝවා ටික සහ බිත්තර 1ක් දලා තැම්බෙන්න හරින්න ටිකක්.


මේ වෙන් විට සුප් එකේ හරි ගනට ඇවිත් ද බලන්න රස බලලා අඩු පඩු එකතුකර දෙහී යුෂ ද එකතු කර ලිපෙන් ඉවත් කරගන්න.


දැන් රස්නය තියන කොටම රස බලන්න ටොස්කර ගත් දුඹුරු පාන් පොති 2 කොටු කපලා ගන්න..

රැට සැහැල්ලු ආහර ගන්න කැමති අයට වගේම උණ හෙම්බිරිස්සාව හැදිලා ඉන්න ඔයාටත් ගොඩක් හොදයි.

Monday, February 17, 2025

Porridge caldo di sago la sera

 Porridge caldo di sago la sera 




 Il liquido necessario.

 50 g di burro (quanto basta)

 Jaggery di Kithul o miele di Kithul a seconda delle necessità

 Sale q.b.

 1 tazza di latte di cocco condensato

 1/2 tazza di latte di cocco

 Anacardi, datteri, semi di sesamo tostati (facoltativo)

 1/2 cucchiaino di cannella in polvere


 Come fare,


 1. Per prima cosa mettete del riso in una padella, aggiungete il latte di cocco e fate cuocere a fuoco basso.


 2. Dopo aver fatto bollire i semi di sau, aggiungere lo jaggery o il miele di kithul al latte di cocco condensato e aggiungerlo al composto di sau sul fornello, mescolando bene.  Aggiungere anacardi e datteri tritati, cannella in polvere, cardamomo e chiodi di garofano, mescolare bene e cuocere la salsa per un po'.


 3. Ora, quando il composto si sarà ben addensato, toglietelo dal fuoco.  Il composto della salsa dovrebbe aver assunto un bel colore dorato.

 Versare nelle tazze da portata e cospargere con semi di sesamo tostati.  Se lo desiderate, aggiungete al composto degli anacardi tritati e assaggiate.  Se non volete mangiarlo caldo, potete anche conservarlo in frigorifero.

හවසට උණුවෙන්ම පෑණි සව් 




අවශ්‍ය ද්‍රවය.
සව් 50g ( අවශ්‍ය පමන ගන්න )
කිතුල් හකුරු හෝ කිතුල් පැණි අවශ්‍ය පමනට
ලුණු අවශ්‍ය පමනට
උකු පොල්කිරි කොප්ප 1
දිය පොල්කිරි කොප්ප 1/2
කජු , මුද්දරස්පලම් , බැද ගත් තල ඇට ( අවශ්‍ය නම් ගන්න )
කුරුදු කුඩු තේහැදි 1/2

සාදන ආකාරය,

1, මුලින්ම සව් ටික භජනයකට දමා එයට දිය පොල්කිරි දමා අඩුගින්දරේ පිසගන්න.

2, සව් ඇට තැම්බුනු පසු උකු පොල්කිරි වලට කිතුල් හකුරු හෝ කිතුල් පැණි එකතු කර ලිපේ තියන සව් මිශ්‍රනයට එකතු කරල හොදින් කලවම් කරන්න. එයට කපාගත් කජු සහ මුද්දරස්පලම් සහ කුරුදු කුඩු, එනසාල්, කරාබු නැටි එකතුකර හොදින් කලවම් කර ටික වේලාවක් සව් එක පිසගන්න.

3, දැන් සව් මිශ්‍රනය හොදයි උකුවට ගන වන විට ලිපෙන් ඉවත් කරගන්න. සව් මිශ්‍රනය හොද පැණි පාටට ඇවිත් ඇති.
සව් කප් වලට දමාගෙන උඩින් රෝස්ට් කල තල ඇට ඉසගන්න. කැමති නම් හිනියට කපාගත් කජු ටිකක් එකතු කර රස බලන්න. උනුවෙන් කන්න අකමැති නම් ශිතකරනයේ තියලාත් රස බලන්න පුලුවන්..

Haejangguk

 Haejangguk



Ingredients:

Pork Bone/Ribs Soup

Ice water

A piece of ginger

Salt

Napa Cabbage (This is a type of Chinese cabbage. You can get it at Food City in Sri Lanka)

Soybean paste

Fish sauce

Chili paste

Cloves

Cloves

Crushed garlic

A little cooking wine

A few spring onions

How to make:

Soak some pork bones/ribs in ice water for about two hours.

Boil the washed and cleaned bones with a piece of ginger and salt in water. After about an hour and a half, remove the ginger pieces.

Boil the Napa Cabbage with a little salt for a few minutes, wash it under running water, tear it into large strips and add it to the meat that is being boiled.

 Add soy sauce, fish sauce, chili paste, chili pepper, pepper, crushed garlic and a little cooking wine to taste and make a paste. Add to the simmering meat and cook for another 30 minutes.

When serving, add a few scallions.


හෙජන්කුක් (කොරියානු)



අවශ්‍ය දේවල්:

මස් සහිත ඌරු මස්කටු / ඉල Pork Bone/Ribs Soup

අයිස් වතුර

ඉගුරු කැබැල්ලක්

ලුණු

Napa Cabbage (මේක Chinese ගෝවා වර්ගයක්. ලංකාවේ Food City වල තියෙනවා ගන්න)

සෝයඇට පේස්ට්

මාළු සෝස්

චිලි පේස්ට්

කැලිමිරිස්

ගම්මිරිස්

තලා ගත් සුදුලූනු

කුකින් වයින් ස්වල්පයක්

ලූණු කොළටිකක්


සාදාගන්නා ආකාරය:

තරමක් මස් සහිත ඌරු මස්කටු / ඉල (bone/ribs) අයිස් වතුරේ පැය දෙකක්‌ පමණ දාලා තියන්න.

සුව සෝදා පිරිසුකරගත් මස්කටු ඉගුරු කැබැල්ලක් සහ ලුණු එකතුකර වතුරෙන් තම්බගන්න. පැය එක හමාරක් පමණ ගියපසු ඉගුරු කැබලි ඉවත්කරන්න.

Napa Cabbage ලුණු ටිකක් දාලා මිනිත්තු කිහිපයක් තම්බගෙන ඇලවතුරෙන් සෝදා ලොකු තීරු වලට ඉරාගෙන තැම්බෙන මස් එකටම දාගන්න.

රස අනුව සෝයඇට පේස්ට්, මාළු සෝස්, චිලි පේස්ට්, කැලිමිරිස්, ගම්මිරිස්, තලා ගත් සුදුලූනු සහ කුකින් වයින් ස්වල්පයක් එකතුකරපේස්ට් එකක් ආකාරයට සාදා තැම්බෙන මස් එකට එකතුකර තවත් මිනිත්තු30ක් පිසගන්න.

පිලිගන්වනවිට ලූණු කොළටිකක් උඩින් දාගන්න.


Saturday, February 15, 2025

Lemon Rice 🍋🍋

. Lemon Rice 🍋🍋





We always think of fried rice on special occasions because that's what we're always tempted to make. This type of rice, which is an Indian type of rice, is very delicious. This type of rice is enjoyed with skim milk.  I grated the cucumber peel and added a teaspoon of salt, pepper and lemon juice to the skimmed milk. If you have pan-toasted meat or fish, it is even more delicious.


Ingredients


Two cups of cooked basmati rice (cook it with a little turmeric and salt so that it is not mushy)


1 chopped onion


Ginger garlic paste


01 teaspoon of mustard


Caramel


Cashew nuts/peanuts


02 tablespoons of oil (those who like a spicy taste should use spicy)


01 dried chili pods, cut in half


03 chopped raw chili pods


50ml lemon juice (500g rice)


01 teaspoon of sugar


Salt and pepper to taste


Chopped coriander leaves  A little


Method of preparation


Put the pan on the stove and add oil and when it is hot, add the mustard. Then add the ginger garlic paste and curry leaves. When they are fried, add the big onion, dried chilies, green chilies, cashew nuts and let them fry. Now add the rice and stir. After a while, add the lemon juice and salt and pepper powder to taste and add a teaspoon of sugar. After a while, a good aroma will come. Then turn off the stove and add the coriander leaves and stir. That's it. This is a delicious rice that can be made simply without any sauces or seasonings. If you like, try it.


ලෙමන් රයිස් 🍋🍋



විශේෂ අවස්ථා වලදි ෆ්‍රයිඩ් රයිස් වර්ග වලටම හිත යන්නෙ අපි නිතරම හදන්න පෙලඹිලා ඉන්නෙ ඒවමයි නිසා.. ඉන්දියානු  බත් වර්ගයක් වන මේ බත් වර්ගය හරිම රසවත්. මේ බත් වර්ගය රස විඳින්නෙ මුදවපු කිරි සමගයි. මුදවපු කිරි එකට මං සැලඩ් කියුකම්බර් පොත්ත ග්‍රේට් කරලා කියුකම්බර් ජූස් සමඟ ලුණු, ගම්මිරිස් සහ ලෙමන් යුෂ තේ හැන්දක් එකතු කලා.. පෑන් ටෝස්ට් කල මස් හෝ මාළු වර්යක් තියෙනවා නම් තවත් රසවත්..



අවශ්‍ය ද්‍රව්‍ය 



පිස ගත් බාස්මතී බත් කෝප්ප දෙකක් ( බෙරි නොවන ලෙස කහ සහ ලුණු ටිකක් දාලා පිස ගන්න)


කපා ගත් B ළුෑණු ගෙඩියක් 


ඉඟුරු සුදුළුෑණු පේස්ට් 


අබ තේ හැඳි 01


කරපිංචා 


කජු/රටකජු


තෙල් මේස හැඳි 02 ( ගී රසට කැමති අය ගී ගන්න)


දෙකට කපා ගත් වියලි මිරිස් කරල් 01


චොප් කර ගත් අමු මිරිස් කරල් 03


ලෙමන් යුෂ 50ml ( හාල් 500g)


සීනි තේ හැඳි 01


රස අනුව ලුණු ගම්මිරිස් 


කපා ගත් කොත්තමල්ලි කොල ටිකක්



සාදන ක්‍රමය



පෑන් එක ලිපේ තියලා තෙල් ටික එකතු කරලා රත් වෙද්දි අබ ටික දාන්න. ඉන්පසු ඉඟුරු සුදුළුෑණු පේස්ට් එක සහ කරපිංචා දාන්න. ඒවා බැදෙන විට ලොකු ළුෑණු, වියලි මිරිස් කරල, අමු මිරිස්, කජු රටකජු ටිකද එකතු කර බැදෙන්න හරින්න. දැන් බත් එක එකතු කර කලවම් කරන්න. ටික වෙලාවකින් ලෙමන් යුෂ එකතු කරලා රස අනුව ලුණු ගම්මිරිස් කුඩු ඉහලා සීනි තේ හැන්ද එකතු කරන්න.ටික වෙලාවකින් හොද සුවදක් එනවා. එතකොට ලිප නිවලා කොත්තමල්ලි කොල ටික එකතු කරලා කලවම් කරන්න. ඔන්න බත් එක හරි. සෝස් වර්ග රසකාරක වර්ග කිසිම දෙයක් නැතුව සරලව හදා ගන්න පුලුවන් රසවත් බත් එකක් තමයි මේ. කැමති නම් ට්‍රයි කරලා බලන්න.


Wednesday, February 12, 2025

Let's make Shawarma…ෂවර්මා හදමු…

 Let's make Shawarma…



Ingredients:-


02 cups bread flour

1 3/4 cups water

1 1/2 tablespoons oil

1/2 teaspoon salt


Method of preparation:-


First, put two cups of water in a pot

and boil it.


Now add salt and oil to it.


Stir.


Add the bread flour little by little to this boiling water and knead it with a stick.


Reduce the heat on the stove and knead it with the stick.


When the dough comes together, place it on a board and let it cool down.


Knead it for a few minutes until the dough becomes soft.


Roll this dough and cut it into six equal parts.


Roll these balls well with your hands and cover them with a cloth. Otherwise, let them dry.


 Take each ball and roll it into a thin circle with a rolling pin or a bottle.

If it sticks while rolling it, sprinkle some bread flour.


Roll it out like a cloth. This roti is very soft. It can be folded well.


Now roast both sides of this roti in a medium flame.


💥 If desired, we can enjoy this roti with a chicken or fish dal curry





ෂවර්මා හදමු…




අවශ්‍ය ද්‍රව්‍ය:-

පාන් පිටි කෝප්ප 02
වතුර කෝප්ප 1 3/4
තෙල් මේස හැඳි 1 1/2
ලුණු කුඩු තේ හැඳි 1/2

සාදන ක්‍රමය:-

මුලින්ම භාජනයකට වතුර කෝප්ප දෙක
දමා උතුරවා ගන්න.

දැන් මෙයට ලුණු හා තෙල් එකතු කරන්න.
කළවම් කරන්න.

මේ උතුරන වතුරට පාන් පිටි ටික ටික එකතු කරමින් කූරකින් අනා ගන්න.

ලිපේ ගින්දර අඩුකර ගෙන කූරු ග ගා අනා ගන්න.

පිටි ටික එකට එකතු වුනාම ලෑල්ලක් මත තබා නිවෙන්න හැර හොදට අත් ගහන්න.

විනාඩි කීපයක් මෙසේ පිටි මොලිය මෘදු වෙනකල් අනා ගන්න.

මේ පිටි මෝලිය රෝල් කර සමාන කොටස් හයකට කපා ගන්න.

මේ බෝල අතින් හොදට රවුම් කර රෙද්දකින් වසා තියන්න. නැත්නම් වේලෙන්න බලනවා.

එක එක බෝල අරගෙන රෝලිං පින් එකකින් හෝ බෝතලයකින් රවුමට තුනී කර ගන්න.
මෙසේ තුනී කරන කොට ඇලෙනවා නම් පාන් පිටි ටිකක් ඉස ගන්න.

රෙද්දක් වගේ තුනී කර ගන්න. මේ රොටි ගොඩාක් මෘදුයි. හොදට නවා ගන්න පුළුවන්.

දැන් මේ රොටී මැද ගින්දරේ දෙපැත්ත පුළුස්සා ගන්න.

💥 ඕනිනම් අපිට පුළුවන් මේ රොටී චිකන් හෝ මාළු පරිප්පු කරි එකක් එක්ක රස විදින්න.


Fried Crispy Mushrooms(ක්‍රිස්පි බිම්මල්)


Fried Crispy Mushrooms



Ingredients


01 packet of regular mushrooms

01 cup of chickpea flour

1/2 cup of bread flour

02 tablespoons of cornflour

1/2 teaspoon of chili powder

1/4 teaspoon of chili powder

1/4 teaspoon of turmeric

Salt to taste


For the batter


02 eggs

1/2 teaspoon of chili powder

1/4 teaspoon each of oregano, paprika and thyme

01 tablespoon of cornflour

1/4 cup of fresh milk

Salt to taste


Method of preparation


Cut the mushrooms into strips and soak them in salted water for five minutes.  Squeeze and set aside.


Break the two eggs and add them to the milk. Add salt, pepper, cornflour and herbs to make the batter.


Now add the chickpea flour, breadcrumbs, cornflour, chilli, pepper, turmeric powder and salt and mix.


Dip the sliced ​​mushrooms in the batter, coat them in the flour mixture and deep fry them in oil.


Fry them on both sides until golden brown, then let the oil drain and enjoy.



Fried Crispy Mushrooms(ක්‍රිස්පි බිම්මල්)




අවශ්‍ය දේවල්

සාමාන්‍ය බිම්මල් පැකට් 01
කඩල පිටි අඬුකෝප්ප 01
පාන් පිටි අඬුකෝප්ප 1/2
කෝන්ෆ්ලා මේස හැඳි 02
මිරිස් කුඩු තේහැඳි 1/2
ගම්මිරිස් කුඩු තේහැඳි 1/4
කහකුඩු තේහැඳි 1/4
රස අනුව ලුණු

බැටර් එක සඳහා

බිත්තර 02
ගම්මිරිස් කුඩු තේහැඳි 1/2
ඔරිගානෝ සහ පැප්රිකා සහ තයිම් තේහැඳි 1/4 බැගින්
කෝන්ෆ්ලා මේස හැදි 01
ෆ්‍රෙෂ් මිල්ක් අඬුකෝප්ප 1/4
රස අනුව ලුණු

සාදන ක්‍රමය

බිම්මල් ටික තීරු වලට කඩා ලුණු මිශ්‍ර වතුරෙහි විනාඩි පහක් තබා වතුර මිරිකා පැත්තකින් තබන්න.

බිත්තර දෙක කඩා කිරි වලට එකතු කර ලුණු, ගම්මිරිස්, කෝන්ෆ්ලා සහ හර්බ්ස් ටික එකතු කර බැටර් එක හදාගන්න..

දැන් කඩල පිටි, පාන්පිටි, කෝන්ෆ්ලා, මිරිස්, ගම්මිරිස් , කහකුඩු සහ ලුණු කුඩු එකතු කර මික්ස් කර ගන්න..

තීරු කඩා ගත් බිම්මල් බැටර් එකේ පොඟවා පිටි මිශ්‍රණයේ තවරා ගැඹුරු තෙලේ බැද ගන්න.

දෙපැත්ත දමා රන්වන් පාට වූ පසු තෙල් බේරෙන්නට තබා උණු උණුවෙම රස බලන්න

Mixed fried rice මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස්

 Mixed fried rice 





⁣Fried rice is not a dish that we all like to eat the most.. And it can be prepared in many ways.. Let's make a fried rice that can add beauty to the table on a festive occasion. This mixed fried rice.. 


Note:- I only present chicken as the meat for this type of rice.. Add pork/beef according to your taste.


 Ingredients


(These quantities are enough for four people)


Two cups of cooked basmati/keeri samba rice


150g of any boneless fish


200g of boneless chicken


150g of shrimp


150g of green onions


Two or three sausage casings


Two eggs


1 teaspoon of bouillon or chicken stock powder


About two teaspoons of ginger garlic paste


Soy sauce and oyster sauce


Finely chopped green onions and carrots


A little salt and pepper to taste


Preparation


First, cook the rice grains separately and let them cool. It is best to keep the cooled rice in the refrigerator for about two hours.  If you are cooking rice with basmati rice, add a little sesame oil if you have it. It will give the rice a nice shine when cooked.


 Cut the meat and fish into thin slices, season the shrimp and prawns separately. I have them in the fridge for two hours.


Now heat a pan, add some oil, add the ginger garlic paste and fry the seasoned meat and fish. (It tastes better when the meat and fish are fried in the same oil as the rice. So don't fry them separately. You don't need a lot of oil.) Now add the sliced ​​sausages. Then add the two eggs and mix well. Add the soup cube or chicken stock powder and carrots to this. Add the rice and sprinkle some soy sauce and oyster sauce and fry well. To minimize the use of the spoon, hold the handle of the pan and shake it to fry the rice well. You will hear the sound of the rice grains popping.  That's the secret to restaurant flavor. Add salt to taste. I add a pinch of pepper powder. Finally, turn off the heat and add the chopped onion leaves.


(මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස්)




⁣ෆ්‍රයිඩ් රයිස් කියන්නෙ අපි කවුරුත් වැඩිපුරම කන්න කැමති කෑමක් නෙ.. ඒ වගේම නොයෙකුත් ක්‍රම වලට හදා ගන්නත් පුලුවන්.. උත්සව අවස්ථාවක කෑම මේසයට අලංකාරයක් එකතු කර ගන්න පුලුවන් විදියට ෆ්‍රයිඩ් රයිස් එකක් හදමු. මේ මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස්..

සැලකිය යුතුයි :- මෙම බත් වර්ගය සඳහා මස් වර්ග වලින් මං ඉදිරිපත් කරන්නෙ කුකුල් මස් පමණි.. ඔබගේ රස වින්දනය අනුව ඌරු මස්/ හරක් මස් එකතු කර ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

(මේ ප්‍රමාණයන් හතර දෙනෙකුට සෑහේ)

පිස ගත් බාස්මතී/කීරි සම්බා බත් කප් දෙකක්
කටු රහිත මාළු වර්ගයකින් 150g
කටු රහිත කුකුල් මස් 200g
ඉස්සො 150g
දැල්ලො 150g
සොසේජස් කරල් දෙක තුනක්
බිත්තර දෙකක්
සුප් කැටයක් හෝ චිකන් ස්ටොක් පවුඩර් තේ හැඳි 01
ඉඟුරු සුදුළුෑණු පේස්ට් තේ හැඳි දෙකක් පමණ
සෝයා සෝස් හා ඔයිස්ටර් සෝස්
සිහින්ව කපා ගත් ලූණු කොල සහ කැරට්
රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක්

සාදන ක්‍රමය

මුලින් ම බත ඇට වෙන් වෙන්ව පිස ගෙන නිවෙන්න හරින්න.. නිවුන බත් එක ශීතකරණයේ පැය දෙකක් පමණ තබනවා නම් ගොඩක් හොඳයි. බාස්මතී වලින් බත පිස ගන්නවා නම් සෙස්මි ඔයිල් ටිකක් එකතු කර ගන්න තියෙනවා නම්.. ලස්සන ෂයින් එකක් එනවා බත ඉදුනම.

මස්,මාළු සිහින්ව කොටු කපා ගෙන, ඉස්සො,දැල්ලො වෙන වෙනම සීසන් කර ගන්න.. මං නම් පැය දෙකක් ෆ්‍රිජ් එකේ තියෙනවා..

දැන් පෑන් එකක් ලිප තබා තෙල් ටිකක් දමා ඉඟුරු සුදුළුෑණු පේස්ට් එක දමා බැදෙන විට සීසන් කර ගත් මස් මාළු ටික ෆ්‍රයි කර ගන්න.. (බත් එක හදන තෙලටම මස් මාළු දැම්මම රසයි ගොඩක්. ඒනිසා ඒවා වෙන වෙනම බැද ගන්න එපා. තෙල් ගොඩක් අවශ්‍ය වන්නෙ නැහැ) දැන් පෙති කපා ගත් සොසේජස් ටිකත් එකතු කරන්න.. පසුව බිත්තර දෙක ⁣එකතු කරලා හොඳින් මික්ස් කරන්න.. මෙයටම සුප් කැටය හෝ චිකන් ස්⁣ටොක් පවුඩර් දමා කැරට් ටිකද එකතු කරන්න.. බත් ටිකද එකතු කර සෝයා සෝස් හා ඔයිස්ටර් සෝස් ටිකක් ඉස හොඳින් ෆ්‍රයිඩ් කර ගන්න.. හැන්ද බාවිතය අවම කරන්න පෑන් එකේ මිටෙන් අල්ලා සොලවමින් බත් එක හොඳින් ෆ්‍රයිඩ් වෙන්න හරින්න. බත් ඇට පුපුරන සද්දෙ ඇහනවා එතකොට. ඒක තමයි රෙස්ටුරන්ට් රස රහස. රස අනුව ලුණු එකතු කරන්න.. මං නම් ගම්මිරිස් කුඩු චුට්ටක් එකතු කරනවා.. අවසානෙදි ලිප නිවලා කපා ගත් ළුෑණු කොල එකතු කරන්න..


Tuesday, February 11, 2025

Nasi goreng නාසි ගුරාන්

 Nasi goreng







Nasi goreng


Nasi goreng is the real name of this dish in Sri Lanka. This is a type of Indonesian fried rice and is very tasty.


This type of rice is very popular in Indonesia as well as Singapore.

This type of rice is prepared in various ways and in Sri Lanka it is mostly prepared using vegetables and chicken, shrimp paste.

The specialty of this dish is that the rice is served with a fried egg.

It also includes fried shrimp, chicken satay and pineapple, tomato and cucumber slices.

Also, rice that has been refrigerated for a day is used to prepare this rice.


 Ingredients


2 cups cooked rice (Basmati/Long grain rice)

150g chicken, finely diced

100g peeled and chopped shrimp

100g squid, cut into rounds

100g carrots, diced

100g cabbage, finely chopped

100g green onion, finely chopped

1 large onion, chopped

2 red chilies, chopped (I used bell peppers with seeds removed. If you use bell peppers, use half a bell pepper)

2 teaspoons ginger garlic paste

Soy sauce, fish sauce

Salt and pepper powder to taste

1 tablespoon butter or oil

2 beaten eggs

1 tablespoon chili paste

This quantity serves 4 people Enough


Method of preparation


First, put the pan on the stove and add oil or butter. When it is hot, add the chicken, shrimp and squid and fry them well. When they are fried, add the carrots, onions and red chilies. Now make a well in the middle of the pan and add the beaten eggs. Scramble the eggs. Add the chopped cabbage and chili paste to it and mix well. (There are nasiguran mix packets in supermarkets. It tastes better this way.) Now add the rice and fry it well. About five minutes.


(Keeping the rice in the refrigerator for a day adds a good flavor. It can also be fried well. I bought a Thai type of rice. That type is also very tasty. Kielce Super has it)


Then add soy sauce and fish sauce.


 (Sweet soy sauce is available in supermarkets. It comes to Sri Lanka from Indonesia. It is used in restaurants)


Now sprinkle salt and pepper powder according to taste and if it seems too spicy for the baby, sprinkle a little sugar and turn off the heat and add the onion leaves. Now serve as mentioned above.

Create image


නාසි ගුරාන්



නාසි ගුරාන් කියලා ලංකාවෙ භාවිතා කලාට මේකෙ නියම නම Nasi goreng. ඉන්දුනීසියානු ෆ්‍රයිඩ් රයිස් වර්ගයක් වන මෙය ඉතාම රසවත් බත් වර්ගයකි.


ඉන්දුනීසියාවේ වගේම සිංගප්පූරුවෙත් මෙම බත් වර්ගය හරිම ජනප්‍රියයි.

විවිධ ක්‍රමයට මෙම බත් වර්ගය පිළියෙල කරන අතර ශ්‍රී ලංකාවෙ ගොඩක්ම පිලියෙල කරන්නෙ එලවලු සහ කුකුල් මස්, ඉස්සො දැල්ලො යොදා ගනිමිනි.

මෙහි විශේෂත්වය වන්නේ බත් එක බැදගත් බිත්තරයක් සමග පිළිගැන්වීමයි.

ඒ වගේම බැදපු ඉස්සො, චිකන් සාතේ සහ අන්නාසි, තක්කාලි සහ පිපිඤ්ඤා පෙතිද ඇතුළත් වේ.

ඒ වගේම මෙම බත් එක පිලියෙල කිරීම සඳහා දවසක් ශීතකරණයේ දැමූ බත් තමයි යොදා ගන්නෙ.


අවශ්‍ය ද්‍රව්‍ය


පිසගත් බත් ( බාස්මතී/ හීනි ඇට දිගැටි හාල් වර්ගයකින් පිසගත්.) කප් දෙකක්

සිහින්ව කොටු කපා ගත් කුකුල් මස් 150g

පොතු ඉවත් කර කපා ගත් ඉස්සන් 100g

රවුම් කපා ගත් දැල්ලන් 100g

කොටු කපා ගත් කැරට් 100g

සිහින්ව කපා ගත් ගෝවා100g

සිහින්ව කපා ගත් ළුෑණු කොල 100g

කපා ගත් ලොකු ළුෑණු ගෙඩියක්

කපා ගත් රතු මිරිස් කරල් දෙකක්( ඇට ඉවත් කල බෙල්පෙපර් මං ගත්තෙ. බෙල්පෙපර් ගන්නවා නම් ගෙඩි බාගයක් ඇති)

ඉඟුරු සුදුළුෑණු පේස්ට් තේ හැඳි 02

සෝයා සෝස්, ෆිෂ් සෝස්

රස අනුව ලුනූ ගම්මිරිස් කුඩු

බටර් හෝ තෙල් මේස හැඳි 01

ගසා ගත් බිත්තර 02

චිලිපේස්ට් මේස හැඳි 01

මේ ප්‍රමාණය 04 දෙනෙකුට සෑහේ


සාදන ක්‍රමය


මුලින්ම පෑන් එක ලිපේ තබා තෙල් හෝ බටර් දමන්න. එය රත් වේ ගෙන එන විට කුකුල් මස්, ඉස්සන් සහ දැල්ලන් දමා හොඳින් බැදෙන්නට හරින්න. එය බැදීගෙන එනවිට කැරට්, ළුෑණු සහ රතු මිරිස් එකතු කරන්න. දැන් පෑන් එකේ මැද වලක් මෙන් සාදා ගසා ගත් බිත්තර එකතු කරන්න. බිත්තර ස්ක්‍රැම්බල් කරන්න. එයට කපා ගත් ගෝවා එකතු කර චිලිපේස්ට් ටික එකතු කර හොඳින් කලවම් කරන්න. ( සුපර්මාර්කට් වල තියෙනවා නාසිගුරාන් මික්ස් පැකට්. ඒවට වඩා රසයි මෙහෙම හැදුවම) දැන් බත් ටික එකතු කර හොඳින් ෆ්‍රයි වෙන්න හරින්න. විනාඩි පහක් විතර.


(බත් එක දවසක් ශීතකරණයේ තැබීමෙන් මනා රසක් එකතු වේ. ඒ වගේම හොඳින් ෆ්‍රයිඩ් කරගත හැක. මං අරන් තියෙන්නෙ තායි හාල් වර්ගයක්. ඒ වර්ගයත් ගොඩක් රසයි. කීල්ස් සුපර් තියෙනවා)


ඉන්පසුව සෝයා සෝස් හා ෆිෂ් සෝස් එකතු කරන්න.


( සුපර්මාර්කට් වල තියෙනවා ස්වීට් සෝයා සෝස්. ඒක ඉන්දුනීසියාවෙන් ලංකාවට එන්නෙ. රෙස්ටුරන්ට් වල යොදා ගන්නෙ ඒක)


දැන් රස අනුව ලුණු ගම්මිරිස් කුඩු ඉස බබාලට සැර වැඩියි වගේ නම් සීනි චුට්ටක් ඉස ලිප නිවා ළුෑණු කොල ටික එකතු කරන්න. දැන් ඉතිං ඉහත කී ලෙස පිලිගන්වන්න.

 

Sausage Devil සෝසේජස් ඩෙවල්

 Sausage Devil



Ingredients


400 grams of chopped sausage


1 onion, sliced ​​into rounds


1 cup of tomato ketchup


2 chopped chili peppers


2 tomatoes, sliced ​​into rounds


1 teaspoon of chopped ginger and garlic


2 tablespoons of soy sauce


Salt and pepper


A little oil


1/2 teaspoon of turmeric


1/2 teaspoon of chili powder


1 teaspoon of black pepper


1 tablespoon of cornflakes


Add a little oil to the pan and fry the sausages. When they are well fried, remove them and add the chopped ginger and garlic.


 Meanwhile, add soy sauce, a little tomato sauce, chili powder, turmeric powder, and a little pepper powder to the cornflakes and stir. Add a little water to this and make a sauce.


When the ginger and garlic are well fried, add the onion and fish chili. Add salt to taste and add the crushed peppercorns.


Next, add the prepared sauce and stir. If desired, add a little more water and stir and add the tomatoes. Finally, add the sausages and stir and remove from the stove.

සෝසේජස් ඩෙවල්



අවශ්‍ය ද්‍රව්‍ය


කපාගත් සොසේජස් ග්‍රෑම් 400


රවුමට ලියාගත් ළූණු ගෙඩි 1


තක්කාලි කෙචප් කෝප්ප 1


කපාගත් මාළුමිරිස් කරල් 2


රවුමට කපාගත් තක්කාලි ගෙඩි 2


චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 1


සෝයාසෝස් මේස හැඳි 2


ලුණු හා ගම්මිරිස්කුඩු


තෙල් ටිකක්


කහකුඩු තේ හැඳි 1/2


මිරිස්කුඩු තේ හැඳි 1/2


කෑලිමිරිස් තේ හැඳි 1


කෝන්ෆ්ලා මේස හැඳි 1


පෑන් එකට තෙල් ටිකක් දාලා සොසෙජ් ටික බැදගන්න. හොඳට බැදුණම ඒ ටික අයින් කරලා චොප් කරගත් ඉඟුරු සුදුළූණු ටික දාගන්න.


ඒ අතරෙ කෝන්ෆ්ලා වලට සෝයාසෝස්, තක්කාලි සෝස් ටිකක්, මිරිස්කුඩු හා කහකුඩු, ගම්මිරිස්කුඩු චුට්ටක් දාලා කලවම් කරගන්න. මේකට වතුර චුට්ටක් දාලා සෝස් එකක් හදාගන්න.


ඉඟුරු සුදුළූණු හොඳට ෆ්‍රයි වෙලා නම් ළූණු හා මාළු මිරිස් ටික දාගන්න. ටිකකින් රස අනුව ලුණු දාලා කෑලිමිරිස් එකතු කරගන්න.


ඊළඟට හදාගත් සෝස් එක දාලා කලවම් කරගන්න. කැමති නම් තව වතුර ටිකක් දාල කලවම් කරලා තක්කාලි ටික එකතු කරගන්න. අන්තිමට සොසේජස් ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න